ජේසු තුමා කිසිවිටෙකත් පවතින රාජ්‍ය බලය සමඟ ගනුදෙනු කළේ නැත. රාජ්‍යයේ ගරු සම්මාන එතුමාට ලැබුණේද නැත. නිකදේමුස් වැනි යහපත් රාජ්‍ය නිලධාරීන් සමඟ ගනුදෙනු කළ ද, නිකදේමුස්ලා ද ජේසුව රාජ්‍යයට ගැට ගැසීමට ක්‍රියා කළ බවක් හඳුනා ගන්නට නැත. නිකදේමුස්ලාට ජේසුස්ගේ දැක්ම හොඳින් අවබෝධ වී තිබුණා මෙන්ම තමන් සේවය කළත්, රාජ්‍යයේ අවුලද, අවබෝධ වී තිබුණේය.
ඇලොයි පීරිස් පියතුමා සැබෑ ගුරුවරයෙකි. එතුමාව මුණ ගැසීම හැම කෙනෙකුව වාගේම අපගේද නිම් වළලු පුළුල් කළේය. ජේසු ආසියාවේ ගුරුවරුන් ඉදිරියේ බැගෑපත්ව ඔවුන්ගේ ප්‍රඥාව උකහාගත් සේ ආසියානු ගුරුවරුන්ගේ දර්ශනයන් උකහා ගන්නැයි ප්‍රකාශ කළ එතුමෝ ඒ සඳහා අපවද පෙළඹූහ. රාජ්‍ය බලය ලබා ගන්නට හා රාජ්‍ය වෙනස් කරන්නට අරගල කළ, සටන් කළ දකුණේත් උතුරේත් සිහල හා දෙමළ තරුණ තරුණියන් අප දේශයේ ඇති ධර්මයන්ගේ විමුක්ති හරයෙන් ඉක්මවා ගන්නේ නම් ඒ ජවය මේ දේශයට ආලෝකයක් බව නිතරම එතුමෝ අවධාරණය කළහ.
ඒ බව අවධාරණය කළා පමණක් නොව ඒ බව සදා සිහිපත් කරනු සඳහා දකුණේ විජේවීර, ත්‍රිමා විතාන, උතුරේ ප්‍රභාකරන්, තිලීපන් පමණක් නොව ඩෙන්සිල් කොබ්බෑකඩුව වැන්නන්ගේ ඡායාරූපවල නෙගටිව් ඔබ්බවා විශාල මතක බැම්මක් (Memory wall) එකක් එතුමා තුලන භූමියේ ගොඩනැගුවේය.
එතුමාගේ දැක්මේ පුළුල්භාවය එහි ගැබ්ව ඇත. එපමණක් නොවේ ජුදා ආගමික ජාතිවාදින් විසින් කොන් කළ සමරිතානු ස්ත්‍රීයගෙන් ජේසුතුමා ජලය ඉල්ලා සිටින විශාල මූර්තියද, බොදුනු යතිවරුන්ගේ පාද දෝවන කරන ජේසු තුමාගේ මූර්තිය ද අපට පවසන්නේ ජාතිවාදය, කුලවාදය, ආගම්වාදය ඉක්මවූ ජීවිත ප්‍රතිපදාවක් හා එවන් පීඩිත ජාතීන්ගෙන් පීඩිත කුලහීනයන්ගෙන් බැගෑපත්ව ඉගෙන ගෙන ඔවුන් තුළද ඇති විමුක්ති ප්‍රඥාවද විමුක්ති ගමනට දායක කර ගැනීමේ අවශ්‍යතාවයයි. තුලන අසපුවට ආ දෙස් විදෙස් සමාජ ක්‍රියාධරයින් දේශපාලන ක්‍රියාධරයින් සිය දහස් ගණනකි. වරක් එතුමාව අප මුණ ගැසෙන විට ඒ මාසය තුළ පමණක් 200කට වැඩි විදේශ විද්වතුන් ක්‍රියාධරයින් එතුමාව මුණ ගැසුණු බව අප දැක ගතිමු. එතුමා ක්‍රිස්තියානි වචනයෙන් විස්තර කළ දේව රාජ්‍ය යනු හුදු ආණ්ඩු මාරුවක් නොවේ. ඉතා පළල් සමාජ ආර්ථික දේශපාලන වෙනසකි. සාධාරණයේ යුක්තියේ ප්‍රේමයේ විශ්වීය වූ නව යුගයකි. ඕනෑම වියතෙකු වියපත් වීම සමඟ ඔහුගේ / ඇයගේ ප්‍රකාශන ඔහු/ඇය දුටු සමස්තය නියෝජනය නොකරන අවසථා එමටය. එතුමා ස්වර්ගස්ථ වීමට ආසන්න සමයේ රෝහලේදී මා සමඟ කී වචන ඊට සාක්ෂිය. ‘දැන් මට මතක නැති වෙනවා. සමහර වචනත් මතක් වෙන්නේ නෑ. ඇත්තටම මට විශ්‍රාම ගන්න අවශ්‍යයි.’
ඉතා දිගු කලක් රෝගාතුරව සිටි එහෙත් නිතර ප්‍රසන්නව සිටි අවසාන කාලයේදී වේදනාව සඟවාගෙන සිනාමුසුව සිටි එතුමා මරණයට පෙර සතියේ දැඩි සත්කාර ඒකකයේදී තමන්ට කීවා යැයි කියනප්‍රකාශනයක් සංස්කෘතික ඇමති ආචාර්ය සුනිල් සෙනවි තම ෆේස්බුක් සටහනක පළමුවද මරණය අවස්ථාවේ කතා කරමින් දෙවනුව ප්‍රකාශ කළේය.
‘සුනිල් අන්තිමට ඔයාලා ඒක කළානේ. මං මැරෙන්නෙත් ඒ සමාජය දැකලා ස්තූතියි හැමෝටම.’ මරණයට පසු ඇමතිවරයා තැබූ ෆේස්බුක් සටහනේද සටහන් කර තිබුණේ ජාතික ජන බලවේගයේ පෝසත් රටක් ලස්සන ජීවිතයක් වැඩ පිළිවෙළට එතුමා නිතර ආශිර්වාද කළ බවයි.
ඇමතිවරයා මේ ප්‍රකාශවලින් සිදු කළේ ඇලොයි පීරිස් පියතුමාගේ මහා දැක්ම වළලා දැමීමය. එතුමාව ජජබවාදියෙකු ලෙස බව්තීස්ම කිරීමය. එය මෙතෙක් කලක් සිටි බොහෝ සටකපට මජර දේශපාලකයින් මළමිනි තම ව්‍යාපෘති සඳහා භාවිතා කිරීමේ කැත ලැජ්ජා සහගත දේශපාලන භාවිතාවමය. ඇමතිවරයා නම් ඇලොයි පියතුමා ගැන එහෙන් මෙහෙන් කියවා දැනගත්තෙකු වන නමුත් අවමංගල්‍ය සභාව මෙහෙයවූ ඇලොයි පියතුමා පීතෘ සෙනෙහසින් රැක බලා ගත් ඇලොයි පිය චින්තනයේ ප්‍රකාශිත දේව රාජ්‍ය යනු ජාතික ජන බලවේගයේ රජයක් බිහිවීමට වඩා බොහෝ වෙනස් දෙයක් බව දන්නා විජිත් රොහාන් කථිකාචාර්යතුමාද අවමංගල්‍ය සභාවට කිසිදු අදාළභාවයක් නැති අනුර දිසානායක ජනාධිපතිතුමාත් මෙහි රැයක් ගත කළා යනුවෙන් ප්‍රකාශ කරමින් ඇලොයි පිය දැක්ම තම දේශපාන කැමැත්තේ තරමට පටුකිරීම නම් ඉතා නිර්ලජ්ජී අවභාවිතයකි.
ඇලොයි පිය මතක බිත්තියේ සටහන් වූ උතුරේ අතුරුදහන්වූවන්ට, උතුරේ දෙමළ ජනයාට නොව දකුණේ මරා දැමූ, අතුරුදහන් වූ අය පිළිබඳව සත්‍යය හෝ යුක්තිය සෙවීමවත් නොකරන රාජ්‍යයක් පත්වීම දේව රාජ්‍ය උදාවීමක්ද? තමන් විසින් නායකත්වය දුන් අරගලයකදී 60,000 ක් අතුරුදහන් කිරීමට රාජ්‍ය ත්‍රස්තවාදයට නිත්‍යානූකූල බවක් ලබා දුන් ත්‍රස්තවාදය වැළැක්වීම පනත වෙනුවට ඊටත් වඩා භයානක පනතක් ගෙන ඒමට කෙටුම්පතක් හෝ ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇති ආණ්ඩුවක් යනු ඇලොයි පියා දුටු දේව රාජ්‍ය උදාවීමද? තමන් විසින් විපක්ෂයේ සිටියදී දැඩිව විවේචය කළ ඇමරිකා ඉන්දීය අධිරාජ්‍යවාදින්ගේ ආර්ථීක උවමනා ඉටුකරන නව ලිරබල් වෙළඳපොළ ක්‍රමයම ඉදිරියට ගෙනයන දුප්පත්කම ඉහළ යද්දි අත්‍යවශ්‍ය ආහාරවලට පවා ඉහළ බදු අය කරන ආණ්ඩුවක් පත්වීම දේව රාජ්‍යයේ උදාවද? ගෝල්ෆේස් අරගලයද උපකාර කර ගනිමින් බලයට පැමිණියත් එහි ප්‍රකාශ වූ ජනතා අභිලාශය ඉවත දමා ඇති විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ කිසදු පියවරක් නැති ආණ්ඩුවක් පත්වීම දේව රාජ්‍ය උදාවීමද? පරිසර හිතකාමී නොවන සංවර්ධන යෝජනා ක්‍රම අරඹන ජනතා හඬට කන් නොදෙන ආණ්ඩුවක් බිහිවීම ඇලොයි පිය සිහිනය ඉටුවීමක්ද?
දූෂිත විනාශකාරි විපක්ෂයට වඩා යම් යම් සාධණීය ගති ලක්ෂණ කීපයක් තිබූ පමණින් හෝ බලය හෙබවීම සිදු නොකළ නිසාම දැනට දූෂණය පිළිබඳ වාර්තාව යහපත් වූ පමණින්ම මේ දේව රාජ්‍යයේ නියමුවෝ, මේ තමයි ගැලවීම යැයි කියන්නට තරම් ඇලොයි පිය දැක්ම දුබල නොවන බව පක්ෂ දේශපාලනයෙන් අන්ධ නොවූ කව්රුත් දනී.
පෞද්ගලිකව ඕනෑම කෙනෙකුට ඕනෑම දේශපාලන මතයක් දැරීමේ අයිතියට අපි ගරු කරන්නෙමු. නව දේශපාලන සංස්කෘතියක් නියෝජනය කරන්නේ නම් සුනිල් ඇමති තුමා කළ යුතුව තිබුණේ ශාස්ත්‍රාලීයදැනුම අනුව ඇලොයි පියතුමා ගැන සටහනක් කතිකාවක් අන් තැනක මේ දේශපාලන බව්තීස්මයෙන් තොරව කිරීමයි. නව දේශපාලන සංස්කෘතීන් නියෝජනය කරන්නේ නම් කථිකාචාර්ය විසින් රොහාන් කළ යුතුව තිබුණ ආණ්ඩුවේ තනතුරු දරන්නෙකු ලෙස තමා ඒ අවමංගල්‍ය සභාව මෙහෙයවන්නේ නැතිව ඇලොයි පියාගේ අදීන ස්වාධීනභාවයට ගරු කරමින් එය අන් අයෙකුට භාරදීමයි. තුලන අධ්‍යයන කේනද්‍ර් යේ නුවන් ලියනගේ වැනි ඊට සුදුසු බොහෝ අය එහි සිටි බව කවුරුත් දනී. ඔබ සැමගේ දේශපාලන මත දැරීමේ අයිතියට ගරු කරන අතරම එවන් මහා පුරුෂයෙකුගේ දැක්මක් කිසියම් දේශපාලන ව්‍යාපෘතියකට කොටු කිරීම හෝ පටු කිරීමේ අයිතියක් ඔබට නැති බව ප්‍රකාශ කිරීමටද අපි මැලි නොවෙමු. ඔව් එය එසේ නොවුණා නම් හොඳයි. ඔව් එය එසේ නොකීවානම් හොඳයි යනුවෙන් එය පිළිගනිමින් වරද නිවැරදි කිරීටම ඇලොයි පිය නාමයෙන් ඔබට හැකි විය යුතු බව ප්‍රකාශ කරමින් ඒ කළ පහත් භාවිතයට අපේ පිළිකුල මෙසේ සටහන් කරමු.
කුසම්ු කුමාරසිරි දෙව්ගැති තුමා
කිතුසර කණ්ඩායම වෙනුවෙන්











