” චීන සහෝදරත්වයේ සෙනෙහස ”
යන තේමා පාඨය මුල් කරගනිමින් ශ්‍රී ලංකාවේත් චීනයේත් සහෝදරත්වය සහ සෙනෙහස විදහා දැක්වීම අරමුණු කර ගනිමින් මීගමුව , දූව කනිෂ්ඨ විද්‍යාලයේ සියලුම සිසු දරුවන් වෙනුවෙන් පාසල් පොත් හා පාසල් උපකරණ,බෙදා දීම හා එම සිසු දරුවන්ගේ දෙමව්පියන් වෙනුවන් වියලි සලාක බෙදා දීමේ උත්සවයක් ඊයේ දින (09/04/2026) පෙරවරුවේ චීන නියෝජ්‍ය තානාපති හා එම තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මීගමුව , දුව කනිෂ්ඨ විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (සජබ) කාවින්ද ජයවර්ධන මහතාගේ මැදහත්වීමෙන් මෙලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හරහා මෙම පරිත්‍යාග ලැබුණ බව, දුව කනිෂ්ට විද්‍යාලයේ විදුහල්පති ඈන් ප්‍රියංගිකා මහත්මිය පැවසීය.
- මෙම අවස්ථාවේදී පාසල් සිසු දරුවන් තම රංගනයන් ඉදිරිපත් කරමින් දක්ෂතා පෙන්නුම් කළහ.
මෙම අවස්ථාවට මෙරට,චීන තානාපති කාර්යාලයේ, අමාත්‍ය උපදේශකවරයා ද
( Mr.ZHU Yanwei ) , චීන තානාපති කාර්යාලයේ තෙවන ලේකම්වරයා ද
( Mr. WU Kunyuan ) එලෙසම චීන තානාපති කාර්යාලයේ අනුයුක්තිකාව ද
( Ms. Tu Wenqi )
ඇතුළු පිරිසක් සහභාගි වූ අතර එලෙසම ගම්පහ දිස්ත්‍රික්
පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්වුහ.
තවද මීගමුව දූව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ඈන් ප්‍රියංගිකා මහත්මියගේ
උපදෙස් මත ගුරු මණ්ඩලය විසින් , එම විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ මව්පියන්ගේ සහාය ඇතිව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

























