රාජ්‍ය සේවය ගමට- විශේෂ ජංගම සේවය මුන්නක්කරය සිරිවර්ධන පෙදෙස,!

0
286

“රාජ්‍ය සේවය ගමට” විශේෂ ජංගම සේවා වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් මීගමුව සිරිවර්ධන පෙදෙස,මුන්නක්කරය,නැගෙනහිර මුන්නක්කරය,උතුරු මුන්නක්කරය,දූව ‍යන ග්‍රාම සේවා වසම් මූලික කර ගනිමින් දින(09) අලියපොළ උත්සව ශාලාවේදී මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ මග පෙන්වීම මත සිදු කෙරිණි.

FB IMG 1775971412195 FB IMG 1775971408745 FB IMG 1775971405789 FB IMG 1775971402874 FB IMG 1775971400095 FB IMG 1775971395491 1 FB IMG 1775971392151 FB IMG 1775971389486

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ මෙම විශේෂ ජංගම සේවා වැඩසටහන යටතේ උප්පැන්න/ විවාහ/ මරණ සහතික/හැඳුනුම්පත් /වැඩිහිටි හඳුනුම්පත්/ ඉඩම් ගැටලු /ව්‍යාපාර ලියාපදිංචිය/ ආපදා සේවා /ව්‍යාපාර ණය හා සේවා /ළමා හා උපදේශන සේවා /විදේශ සේවා /රැකියා ගත කිරීම්/ අස්වැසුම ඇතුළු සේවා රැසක් සඳහා මහජනතාවට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලදී.
මේ අවස්ථාව සඳහා දිනේෂ් ශාන්ත,ඉවොට්නි ඇන්ජලා,සුරේකා ලීමා යන නාගරික මන්ත්‍රීවරුන්ද ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද සහභාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here