මීගමුවේ රාජපක්ෂ උද්‍යානයට මොකද වුනේ?

0
60

 

මීගමුවේ ජනතාවට ඇති එකම උද්‍යානය රාජපක්ෂ උද්‍යානය, අද නිසි නඩත්තුවක් හෝ අධීක්ෂණයක් නොමැතිව අයාලේ යන ආකාරයක් දැක ගත හැකිය.

මීගමුව මහා නගර සභාවට විශාල ආදායමක් උපයා ගත හැකි මුලාශ්‍රයක් බවට පත් පත් වී ඇති මෙම උද්‍යානය ,මීගමු ජනතාවගේ කාන්සිය මහන්සිය සහ මානසික අස්වැසිල්ල උදෙසා විවේකීව කාලය ගත කිරීමට ඇති එකම උද්‍යානය නිසා මෙය මීගමු ජනතාවට මහා අනර්ඝ සම්පතකි.

 

එහෙත් අද මෙම සුවිශේෂී උද්‍යානය නිසි අධීක්ෂණයක් නොමැතිව සහ නිසි නඩත්තුවකින් තොරව පාලනය වීම නිසා ජනතාවට තම විවේකය ගත කිරීමට නොහැකි, ජනතා ආකර්ෂණයක් නොමැති ස්ථානයක් බවට පත්වෙමින් තිබේ

. මෙහි ඇති රූක්ෂ ගස් කපා , එම කැපූ ගස් වල කොටස් උද්‍යානයේ ස්ථාන කිහිපයකම අපිළිවෙලකට හා අවිධිමත්ව දමා ගොස් ඇති ආකාරය දැකගත හැකිය

. එමෙන්ම උද්‍යානයේ සෑම තැනම පාහේ කසල ගොඩවල්ය.

මෙය උද්‍යානයේ චමත්කාර ජනක වූ අලංකාරයට මරු පහරකි. උද්‍යානයේ නිදහසේ ඇවිදින , උද්‍යානයේ කෙළි සෙල්ලම් කරන දරුවන්ටද මෙම කසල ගොඩවල් සහ මෙම ගස්වල දැව කඳන් තැන තැන දමා තිබීම විශාල බාධාවක් වී තිබෙන ආකාරය දැකගත හැකිය.

IMG 20260412 WA0031IMG 20260412 WA0029 IMG 20260412 WA0027 IMG 20260412 WA0026 IMG 20260412 WA0024 IMG 20260412 WA0021

මේ වන විට මෙම උද්‍යානය, නිසි ලෙස පවත්වාගෙන යෑම සහ නිසි ලෙස නඩත්තු කිරීමට වර්තමාන නගර පාලනය බෙහෙවින්ම අසමත් වී ඇති ආකාරය දැකගත හැකිය.

පෙරදා උද්‍යානය තුළ මනරම් ලෙස අලංකාරවත්ව පවත්වාගෙන ගිය දිය පිරි පොකුණ කිසිදු නඩත්තුවක් නොමැතිව ජරාවාස වී ඇති ආකාරය දැක ගත හැකි.

එහි සිටි මාළු පැටවුන්ද විනාශ වී ඇත. එම පොකුණට ජලය පිරවීමට හෝ පොකුණේ තිබූ ජලය යම් නිසි ක්‍රමවේදයක් භාවිතා කරමින් සුරැකිමින් එම පොකුණේ ජලය නිසි ලෙස පවත්වාගෙන යෑමට හෝ කිසිදු උත්සාහයක් ගෙන නොමැති බව දක්නට ඇත.

උද්‍යානයට පැමිණෙන බොහෝ අයට සිදුව ඇත්තේ කැලිකසල ආශ්‍රිතව කාලය ගත කිරීමටය.

උද්‍යානයේ කිසිදු අලංකරණ කටයුත්තකට වර්තමාන මීගමු නගර පාලනය මුල පුරා හෝ නොතිබීම කණගාටුවට කරුණකි.
මෙහි ඇති වැසිකිලි ඉතාම අපිරිසිදුය. එලෙසමඋද්‍යානය තුළ ඇති ආපනශාලාවද මේ වනවිට වසා දමා ඇත.

පෙරදා පෞද්ගලික ආයතනයකින් පිරිසිදු කිරීමේ නඩත්තු කටයුතු කරගෙන ගිය උද්‍යානයේ මේ වන විට නගර සභා සේවකයන් ලවා සිදු කිරීමෙන් කිසිදු වෙනසක් හෝ, සිදුවී නොමැති බව පෙනී යයි.

කෙසේ වෙතත් අවසාන වශයෙන් සඳහන් කිරීමට හැකි වන්නේ මීගමුව පුරවරයට සහ එහි ජනතාව වෙත අපරිමිත සෙනෙහසකින් ආදරයකින් සහ ලැදිකමකින් එවක විසූ රාජපක්ෂ මුදලිඳු විසින් විශාල ආර්ථික වටිනාකමකින් යුත් මීගමු නගර මධ්‍යයේ පිහිටි මෙම මනරම් භූමිය නගර සභාවට නොමිලේ පරිත්‍යාග කළේ ,මීගමු ජනතාව වෙනුවෙනි.

එහෙත් මීගමු ජනතාවගේ අභාග්‍යයකට මේ මනරම් උද්‍යානය ,මීගමු ජනතාවගෙන් අද වන විට ගිලි හෙමින් තිබේ. ජනතාවට යන්න නොසිතෙන ස්ථානයක් බවට පත්වෙමින් තිබේ.
එය කෙතරම් නම් අභාග්‍යසම්පන්න තත්ත්වයක්ද ???

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here