ජේසු අනුගාමිකයෙකු යැයි කියා මිගමුවේ සැරිසැරූ ජර්මන් ජාතිකයාව රටින් පිටුවහල් කරලද?

0
181

 

 

ක්‍රිස්තුස් වහන්සෙගේ ස්වරුපයට හැඩ වැඩ දාගත්, විදේශිකයකු කතෝලික අපගේ දේවස්ථාන තුළ සැරිසරමින් කළ ආගමික නිග්‍රහ තේරුම් ගත් මීගමුව දිසානායක ගරු සාගර හෙට්ටිආරච්චි පියතුමා මීගමුව පොලිස් ස්ථානය සමඟ සම්බන්ධවී කළ සාකච්ඡා හා ක්‍රියා මාර්ග හේතුවෙන් අදාළ විදේශිකයා මෙරටින් පිටුවහල් කිරීමට පියවර ගත් බව මිගමුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් එම්මානුවෙල් පියුම්වර්ධන මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහන් කර ඇත.

මෙම සිද්ධිය පසුබිම් කරගෙන, සභා විරෝධී අය සහ සමාජ මාධ්‍යය විසින් නිර්මාණය කරන විවෙචන පාලනය කිරීමට සිතු නිසා යම් ප්‍රමාදයක් සිදු වු බවද ඔහු තවදුරටත්.සදහන්කර තිබේ.

පසුබිම් සටහන

2026.04.07 වන දින මීගමුව, බ්‍රවුන්ස් බීච් (Brown’s Beach) වෙරළ තීරයේදී, තමන් ජේසුස් වහන්සේගේ අනුගාමිකයෙකු බව ප්‍රකාශ කරමින් කටයුතු කළ ජර්මන් ජාතිකයෙකු සහ ඔහුගේ බිරිඳ උදෑසන සිට සවස්  කාලය දක්වා  වෙරළ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වී ඇත.

වෙරළ තීරයේ සිටි පිරිසකට රුපියල් 5000/= බැගින් මුදල් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වි තිබුණි

ජේසු අනුගාමිකයෙකු යැයි පැවසෙන මේ පුද්ගලයා සහ  ඔහු සමග සිටි කාන්තාව ජර්මන් ජාතියන් බව වාර්තා වු අතර
ඔවුන් ඒ දිනවල  මීගමුව, ජෙට්වින් බීච් හෝටලයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටි ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here