මීගමුව නගර මධ්‍යයේ ලාෆ්ස් සුපිරි වෙළද සැල අසල කඩිමුඩියේ ඉදිවෙමින් පවතින තට්ටු ගොඩනැගිල්ලක් ගැන අපි නිරන්තරයෙන්ම කරුණු මතු කලෙමු.
ඒ මෙම ඉදිකිරිම පළාත් පාලන නීතියට එකඟද යන කරුණ ප්‍රශ්ණ කරමිනි.
මේ ගොඩනැගිල්ල ගැන මිගමුව නගරය තුල මතුව තිබුන කසුකුසුවක් වි තිබුනේ මෙහි අයිතිකරු නිසි ලෙස අදාල ඉදිකිරිම් ක්‍රියාවලියේ මුලිකාංග නිසි ලෙස අනුගමනය කර තිබුනේද යන ප්‍රශ්ණයයි.
මීගමුවේ පැවැති ඩිල් දේශපාලනයත් පවුලක පාලනයත් තුල බොහෝ නීති විරෝධි ක්‍රියා සිදුව තිබුනි.
පවුලක තිරණය පළාත් පාලන නීතිය බවට පත්ව තිබුණි
. නගර සභාවේ ප්‍රධාන පෙලේ ධුරවලට පත් කරතිබුනේද පවුලේ අනුමැතිය ලත් රාජ්‍ය නිලධාරින්ම පමණි.පවුලේ අය මෙන්ම මේ ඇතැම් නිළධාරින්ද ඇති පදමට මුදල් හම්බකරගෙන ඇත.
මීට පෙර සිටි ලක්ෂ්මන් නැමැති නාගරික කොමසාරිස්වරයා එයට කදිමම උදාහරණයකි.
.
මේ නිසාම මිගමුව නගරයේ අති බහුතරයක් ඉදිකිරිම් නීතියට වෙට්ටු දමා ගිය ඒවාම වි තිබේ.
මිට පෙර සිටි කොමසාරිස්වරයා ලංසා පවුලේ මෙන්ම මෙම ගොඩනැගිල්ල ඉදිකරන ව්‍යාපාරිකයාගේද ගජයෙකි.
හිටපු කෙනා නිති නැමිල්ලේ සටකපටයෙකි.

කෙසේ වෙතත් මේ පසුබිම තුල මීට හිටපු කොමසාරිස්වරිය නොබියව මේ ලාෆ්ස් සුපර්මාර්කට් එක අසල ගොඩනැලිල්ලේ ඉදිකිරිම අත්හිටුවා තිබුණි.ඉහත ඡායාරුපයේ දැක්වෙන්නේ ඉදිකිරිම් අතරමග නවතා දමා තිබුණ තත්වයයි.
මිට අමතරව මහනගර සභාවට අයත දිනපතා පොලට උඩින් මෙම ව්‍යාපාරිකයා ඉදිකර තිබුන නීති විරෝධි වහලද ඉවත් කිරිමට කටයුතු කරමින් සිටියාය.
ඒ් මෙම ගොඩනැගිල්ල තනි තට්ටුවක් ලෙසින් පැවැති පසුබිමකය.
කෙසේ වෙතත් ඇයට මාරුවක් ලැබුණි.මේ මාරුව පිටුපස ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල මාලිමා දේශපාලකයෙකු සිටින බවට සාධාරණ සැකයක්ද මතුව තිබුණි.ඇය කොමසාරිස්ධුරයේ සිටියේ නම් ලංසාපවුල විසින් කාබාසිනියා කරන්නට යෙදුණ මිගමුවේ මහජන දේපල ගැන අනිවාර්යෙන්ම පරික්ෂණ අරඹනු ඇත.

දැන් ඇත්තේ මාලිමාවේ නගර සභාවකි. නගරාධිපතිවරයා නීතිඥවරයෙකි.
.නීතිය පිටින් කිසිවක් මිගමුව නගරය තුල සිදුනොවනු ඇතැයි මාලිමා නගර පාලනයක් පත් කරගැනිමට ඡන්දය දුන් මාලිමා ක්‍රියාකාරින් විමතියෙන් මෙන් දැන් බලා සිටින්නේ තනි තට්ටුව මාලිමා පාලනය යටතේ වේගයෙන් හතර වෙනි තට්ටුව කරා යමින් තිබෙන අකාරය ගැනය
අප විසින් දිගින් දිගටටම මිගමු නගරයේ අනවසර ඉදිකිරිම් ගැනත් මාලිමා පාලනය මේවා ගැන නිහඬව සිටිමත් මතු කළෙමු.
මේ පසුබිම තුල පසුගිය වසරේ ජුනි මාසයේ මුල සතියේ දිනක නගරාධිපතිවරයා පුමුඛ නාගරික මන්ත්‍රිවරුන්ද ,ප්‍රධාන නිලධාරින්ද නගරයේ විමර්ශණ චාරිකාවක නියැලුනි.
මෙම නීති විරෝධි ගොඩනැඟිල්ල මෙන්ම තවත් තැන්ද නිරික්ෂණයට ලක්කර තිබුණි.
මෙම ව්‍යාපාරිකයා විසින් ඉදිකර තිබුන නීති විරෝධි වහලයද , නිසි පාකින් නැති ප්‍රශ්ණයද මෙහිද දකින්නට ඇත.
එහෙත් ඉන්පසු අඩුම තරමින් නගරසබා දේපලකට උඩින් ඉදිකර ඇති වහලය ඉවත් කිරිම සම්බන්ධයෙන්වත් කිසිදු පියවරක් ගෙන තිබුනේ නැත.හිටපු නාගරික කොමසාරිස්වරිය ඒ සඳහා පියවර ගනිමින් සිටියේ එය නීතිවිරෝධී නිසාය.එහෙත් හදිසි හස්තයක මැදිහත්විමකින් ඇයට මාරුවක් ලැබුනි.
නගර සභා දේපලකට උඩින් නගරයේ වෙනත් පුරවැසියෙකුට වහලයක් ඉදිකර හැකිදැයි කියා වරිපනම් ගෙවන පුරවැසියෝ ප්‍රශ්න කර සිටිති.
එහෙත් මිගමුව මාලිමාව නගරාධිපතිවරයා සියළු බලතලද අතදරා ගෙන නගරය මැද සිදුවන ඉදිකිරිම් ගැන මුනිවත රකින්නේ නම් සැබැවින්ම ගැටලුවක් බව මාලිමා ක්‍රියාකාරින්ම පවසා සිටිති.
මේ ගැන සම්බන්ධිකරණ කමිටුවේ අවධානයට යොමුකරවන බවටද කතාපැවතුනි.
කෙසේවෙතත් දෛවයේ සරදම වන්නේ නිසි රථගාලක් හෝ නැති මේ ගොඩනැගිල්ල මාලිමා පාලනය යටතේ දැන් කඩිනමින් නිමකෙරෙමින් පැවතිමය.
මීගමුවේ සමනල ගොඩනැගිල්ල , ග්‍රීන්පාක් , වාසනා බේකරිය යන ගොඩනැගිලි අසලින් ගලා බසින කාණුවකි.
මීගමුවේ තවත් කාණු ගණනාවකින් එකතුවන වතුර මෙම කාණුවට එකතුවී කලපුවට වැටෙයි. මෙම වතුර තද කළුපැහැයෙන් යුතුය.
නගරයේ විශාල කුණු ප්‍රමාණයක් මෙම කාණුව දිගේ පැමිණ කලපුවට බැහැර කරන්නේ විශාල හානියක්ද කරමිනි.
මෙම කාණුව දිගේ එන කුණු සුද්ධ කිරීමේ හැකියාවක් නැත.
මන්ද කාණුව යටකරගෙන ඉදිවී ඇති අනවසර ගොඩනැගිලි සහ පාරවල් ඊට බාධාකාරීව පවතින හෙයිනි. පසුගිය කාලවකවානු තුළ මෙම අනවසර කටයුතු සඳහා අවසර ලැබීමේ හේතුවෙන් මේ තත්වය ඇතිවී ඇත.

මීගමුවේ අප ජලය බැහැර කිරිම සඳහා ඉදිකෙරුණ කාණු පද්ධතිය නිසි ප්‍රමිතියකින් නිමකිරිමට අපොහොසත් වු ලංසා පාලනය එහි නියමිත මුදල් කල් ඇතිව ඉවර කරගෙන තිබුන නිසාවෙනි.
මේ අනවසර ඉදිකිරිම් අදාල තාක්ෂණ නිළධාරින් ලකුනු කරගෙන ගොස් සෑහෙන කලක් ගෙවි ගොසිනි.එහෙත් කිසිවක් සිදුව නැත.
සිස්ටම් ඡේන්ජ් කරන්නට පැමිණ මාලිමාවට දැන් සිස්ටම් ඉස්පොල්ලේ ගොස් ඇති සැටියකි.













