කලුගේ ප්‍රශ්ණය අපි දිගින් දිගටම මතු කිරිමත් සමගින් සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින පුද්ගලයන් මෙන්ම සංවිධානද මේ වන විට එකට පෙළගැසෙමින් සිටිති.
මේ සියල්ල දරගත නොහැකි ,නමින් පෙනි සිටින්නට තරම් පෞරෂයක් නැති කව්රුන් හෝ දේපල අලෙවි කිරිම සදහා අටවාගෙන ඇති වට්ස් ඇප් ගෲප් එකක් යොදාගනිමින් meepura.com වෙබ් අඩවියට සහ meepura news ෆේස්බුක් පිටුවට තර්ජනය කරන්නට පටන් ගෙන තිබේ.
මිනිසුන්ගේ පමණක් නොව සතුන්ගේද අයිතින් වෙනුවෙන් පෙනි සිටින අප වෙබ් අඩවියට තර්ජනය කරන්නේ නම් , නම් ගම් ඇතිව විවෘතව හැප්පෙන්නට යැයි අපි ඒ පුද්ගලයාට විවෘත අභියෝගයක් කිරිමට කැමැත්තෙමු.
දේපල වෙලදාම් පිටුවක් හරහා අපට කර ඇති මේ තර්ජනය තුලින් කියැවෙන්නේ මේ වෙළද නඩයද සතුන්ගේ අයිතිවාසිකම් වලට එරෙහි කටයුතු කරන පිරිසක් බවය.
කව්රු තර්ජනය කලත්, අපි “කලු” වෙනුවෙන් පෙනි සිටිනවා යැයි යළිත් වරක් අවධාරණය කරනු කැමැත්තෙමු.
තමන්ගේ නමෙන් පෙනි සිට තර්ජනයක් කිරිමට තරම් පෞරුෂයක් නැති මේ තැනැත්තා කව්දැයි මිගමුවේ ජනයාගේ දැනගැනිම පිනිස නම්, ගම් ,පින්තුරද සමගින් ලගදිම හෙළිදරව් කරන බවද අපගේ පාඨකයන් වෙත දන්වා සිටිනු කැමැත්තෙමු.
එමෙන්ම නමක් ගමක් නැති එවැනි අයෙකු වෙනුවෙන් පෙනි සිටිමින් සත්ත්ව හිංසාවට උඩගෙඩි දෙන මේ පිටුව හරහා දේපල වෙළදාම් කරන වෙළෙන්දන් ගැනද දැනුවත් කිරිම සමාජ වගකිමක් සේ ගන්නා බවද දන්වා සිටිනු කැමැත්තෙමු.
මාසයකට ලක්ෂ 100 ඉක්මවා meepura news සමගින් රැදෙන පාඨකයන් අති බහුතරයක් දෙනාද මේ අවස්ථාවේ අපත් සමගින් සිට ගනු ඇතැයිද අප විශ්වාස කරමු.
“කලු” ගේ ජිවිත අයිතිය ගැන අප කතාකරන්නට පටන් ගත් දින දෙක තුුල දිනකට ලක්ෂ 10ක් ඉක්මවු views ප්‍රමාණයක් ලැබිම හරහාද අපට ලබාදෙන පනිවිඩය නම් “කලු” වෙනුවෙන් දැනටමත් අති විශාල පිරිසක් පෙලගැසෙමින් සිටින බවය.
මිගමුවේ ශා.අන්තෝනි මාවතේ මිට වසර කිපයකට පෙර මැක්ෂ් නම් වු සුනඛයෙකු වෙඩි තබා ඝාතනය කළ නරුමයෙකු විය.
දැන් තවත් අයෙකි.
මිපුර අපට එරෙහිව පලකර තිබුන සටහන සතුන්ට ආදරය කරන සැමගේ දැන ගැනිම පිනිස පහත පළකරන්නෙමු.
ආලෝකා ගැන කතා අතරේ, මීගමුව ඒත්තුකාලයේ ගෙස්ට්හවුසයක් පවත්වාගෙන යන කාන්තාවක් නීති නොසලකා අසල්වැසියන්ට කරදරමින් මාධ්‍ය හරහා සරණිය සොයයි!
මෙම කරුණ සම්බන්ධයෙන්, විශේෂයෙන්ම “Meepura News” නමැති සමාජ මාධ්‍ය පිටුව හරහා පළ වන තොරතුරු අතර වැරදි, අසම්පූර්ණ සහ පක්ෂපාතී කරුණු ගණනාවක් පවතින බව පැහැදිලිව සඳහන් කළ යුතුය.
මෙය කිසිසේත්ම එක් පුද්ගලයෙකුගේ පුද්ගලික ගැටලුවක් නොව, ප්‍රදේශයේ පවුල් කිහිපයකට දිගු කාලයක් තිස්සේ බලපාමින් පවතින පොදු ගැටලුවක් වන අතර, එය පොදු කරදර, පරිසර අපිරිසිදු වීම, සෞඛ්‍ය අවදානම් සහ ආරක්ෂාව සම්බන්ධ තත්ත්වයන් පිළිබඳව වේ.
මෙම තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ජනතාව විසින් දිගු කාලයක් තිස්සේ අත්දැක ඇති ගැටලු අතර,
• මාවත් සහ නිවාස පරිශ්‍රයේ අපිරිසිදු වීම සහ මළ ද්‍රව්‍ය තැන්පත් වීම
• දුර්ගන්ධ සහ අසනීපකාරී පරිසරයක් ඇතිවීම
• රාත්‍රී කාලයේ බුරීම් සහ ශබ්ද හේතුවෙන් විවේකයට බාධා වීම
• දරුවන්, වැඩිහිටියන් සහ පවුල්වල ආරක්ෂාව පිළිබඳ සැක සහ භීතිය ඇතිවීම
• අනියන්ත්‍රිත සත්ව චලනය හේතුවෙන් දෛනික ජීවිතයට බාධා ඇතිවීම
වැනි ගැටලු පැහැදිලිව පවතින බව සඳහන් කළ යුතුය.
වීදි සරණ සත්වයන්ට ආහාර ලබාදීම මනුෂ්‍යත්වය මත පදනම් වූ ක්‍රියාවක් වුවද, එය පමණක් ප්‍රමාණවත් නොවන අතර, එවැනි සත්වයන් සම්බන්ධයෙන් සෞඛ්‍යමය, ආරක්ෂිත සහ පාලන වගකීම්ද සැලකිල්ලට ගත යුතුය. එම වගකීම් නොපවතින තත්ත්වයක, එය අසල්වැසියන්ට දිගු කාලීන අපහසුතා සහ අවදානම් තත්ත්වයන් ඇති කිරීමට හේතු වේ.
මෙම ගැටලුව සම්බන්ධයෙන් අරමුණ සත්වයන්ට කිසිදු හානියක් කිරීම හෝ නීතිවිරෝධී ලෙස ඉවත් කිරීම නොව, නගර සභාව, මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) සහ අදාළ බලධාරීන් මඟින් නීතිමය, සෞඛ්‍යමය සහ සාධාරණ විසඳුමක් ලබා ගැනීම
එසේම, සමාජ මාධ්‍ය හරහා මෙම කරුණ විකෘති කරමින්, අසත්‍ය හෝ අර්ධ සත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම, පාර්ශ්වික ලෙස කරුණු ඉදිරිපත් කිරීම සහ ජනතාව වැරදි මාර්ගයට යොමු කිරීම සමාජ වගකීමකට නොගැලපෙන ක්‍රියාවක් වන අතර, එවැනි කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය වුවහොත් නීතිමය පියවරද සලකා බැලිය හැකි බව අවධාරණය කරමු.
ඒ අනුව, කරුණාකර මෙම කරුණ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු මත පදනම්ව පමණක් විමසා බැලීමත්, අදාළ අධිකාරීන්ට සාධාරණ සහ නිසි ලෙස කටයුතු කිරීමට අවශ්‍ය ඉඩ ලබා දීමත් සිදු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
Meepura News – 🗞️🤬 is becoming just as bad as Hiru☀️
Sri Lanka Police
Negombo Municipal Council












