රුපියල් බිලියන 1.1 කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චිවරධාරින් 22දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීමේදී කුෂ් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ110කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන්ට හැකිවී තිබේ. එම කාර්යංශයට ලැබුන බුද්ධ අංශ තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
මෙම චීවරධාරන් කණ්ඩායම විසින් ව්‍යාජ ලෙස සකස්කරන ලද පතුලක් සහිත ගමන මලු වල මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන විත ඇති අතර, මත්ද්‍රව්‍ය තොගයට උඩින් එම ගමන්මලු වල පාසල් උපකරණ හා විවිධ රසකැවිලි වර්ග අතුරා තිබී ඇත. මාධ්‍ය වාර්තා අනුව එක් චිවරධාරියෙකු විසින් අවම වශයෙන් මත්ද්‍රව්‍ය කිලෝ 5ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් රැගෙන විත් ඇත.
අනුග්‍රාහකයෙකු විසින් සකස් කරන ලදැයි කියන ගුවන් ටිකට්පත් භාවිතා කරමින් මෙම කණ්ඩායම අප්‍රේල් 22 වන දින බැංකොක් වෙත ගමන් කර ඇති බවත් එම සංචාරයේදී මෙම පිරිස සිවිල් ඇඳුමින් සැරසී සංචාරයේ යෙදී ඇති බවත් සැකකරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ ජංගම දුරකථන සාක්ෂි ඔස්සේ අනාවරණය කර ගැනීමට විමර්ශකයන් සමත් වී තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය බණ්ඩාරණායක ගුවන්තොටුපල තුලින් අත්අඩංගුවට ගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය ලෙස වාර්තා වන අතර, එවැනි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චිවරධාරින් අත්අඩංගුවට පත්වූ පලමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.
අත්අඩංගුවට පත්වූ මෙම තරුණ භික්ෂූන් වහන්සේලා යැයි කියනු ලබන පිරිස ඉදිරි කටයුතු සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.











