මීගමුව සහ අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කාර්යයෙන් නිරත වූ මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු , මීගමුව වැල්ලවීදිය ප්‍රදේශයේදී අද දින (05/05/2026) අත්අඩංගුවට ගනු ලැබීය.
විදේශ ගතව සිටින “ඩුම්” නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය මිගමුව සහ ඒ අවට ප්‍රදේශවල බේදා හැරීමේ කාර්යයේ නිරත වු මිගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස, දිස්ත්‍රික් වැටලීම් ඒකකයේ පොලිස් පරීක්ෂක රණවිර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් අද දින මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කාර්යයේ නිරත වෙමින් සිටියදීම අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ, මිගමුව කුඩාපාඩුවේ, කනත්ත පාරේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිසිය පවසන පරිදි, මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමෙන් පසුව, මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රවය ජාවාරම් කරු ලබාදෙන උපදෙස් අනුව මෙම සැකකරු මත්ද්‍රව්‍ය බේදා හැරීමේ කාර්යයේ නිරත වී ඇති බවයි.
එලෙසම මෙම සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 26 යි, මිලි ග්‍රෑම් 80 ක් ද, ජංගම දුරකතනයක් සහ පා පැදියක්ද පොලිසියේ භාරයට ගෙන ඇත..
තවද සහකාර පොලිස් අධිකාරි රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකරමින් තිබෙන විමර්ශන කටයුතු වලින් පසුව සැකකරුව හෙට දින (06/05/2026) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු











