මීගමුව මහා නගර සභාවට නොපෙනෙන, කුරණ ප්‍රදේශයේ පාරවල් වල වැවී ඇති ඝන කැලෑව..

0
49

..

මේ ඡායාරූප වලින් සහ මේ වීඩියෝ පට වලින් දැක්වෙන්නේ මීගමුව, කුරණ ග්‍රාමයේ ප්‍රධානම පාර වන පරාක්‍රම පාර මංසන්ධියේ සිට කුරණ සුසාන භූමිය දක්වා එනම් ශ්‍රී වික්‍රම රාජසිංහ පාර දක්වා ප්‍රදේශය් ඉතා ඝනව කැලෑව වැවී ඇති ආකාරයයි.

මහජනතාව නිරන්තරයෙන් ගමන් ගන්නා මෙම මාර්ගයේ මෙලෙස දුම්රිය මාර්ගයට යාවන භූමි කොටසේ විශාල තෘණ ශාකයන් ඉතා ඝනව වැවී ඇති ආකාරය මේ පාරේ යන එන කාටත් මේ වන විට සුලභ දසුනක් බවට පත් වී තිබේ. මෙලෙස ඝනව වැවී ඇති කැලෑව කපා දැමීම මූලිකව සිදු කළ යුත්තේ මීගමුව මහා නගර සභාව විසින් බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මීගමුව මහා නගර සභාවට අයත් භූමි කොටස කපා දමා ශුද්ධ කළ පසු, දුම්රිය මඟට ආසන්න කොටසේ ඝනව වැඩී ඇති එම අවශේෂ ශාකයන් කපා දැමීම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සිදු කරන බව, ඔවුන් පවසයි. කෙසේ වෙතත් මේ පිළිබඳව දැනුම් දීමේදී දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙහිදී මීගමුව මහා නගර සභාව ප්‍රථමයෙන් මූලිකත්වය ගෙන නගර සභාවට අයත් කොටසේ කැලෑව කපා දැමිය යුතු බවයි.
කෙසේ වෙතත් මීගමුව මහා නගර සභාව දැනට කාලයක සිට මෙම කාර්යභාරය අමතක කර ඇති සේය. මීගමුව මහා නගර සභාවේ ඉහල නිලයන් දරන නිලධාරී මහත්ම මහත්මීන්ට මේ පිළිබඳව අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නද ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නොමැත.

විශේෂයෙන්ම කුරණ ප්‍රදේශය නියෝජනය කරමන් මීගමුව මහා නගර සභාවේ ආණ්ඩු පක්ෂය වන ජාතික ජන බලවේගයෙන් එක් නාගරික මන්ත්‍රීවරයෙක්ද,එලෙසම ස්වාධීන කණ්ඩායමෙන් ඉදිරිපත්ව ,මේ වන විට ආණ්ඩු පක්ෂය හා එක්ව කටයුතු කරන තවත් නාගරික මන්ත්‍රීවරයෙක් ද ඇතුළුව ,නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකුම මේ ප්‍රදේශයේම වාසය කළත්, ඔවුන් දෙදෙනාට මේ ප්‍රදේශයේ මෙලෙස වැවී ඇති ඝන කැලෑව නොපෙනෙන සේය. ඇත්තෙන්ම මේ ප්‍රදේශයේ වෙසෙන අප බහුතර ජනතාව අවංකවම කණගාටුවට ලක්වන්නේ එලෙස නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ම අප විසින් මීගමුව මහා නගර සභාවට තෝරා පත්කර යවා, මෙම ප්‍රදේශය නියෝජනය කළත් මෙවැනි කාර්යයක් හෝ මේ කුරණ ග්‍රාමයට එම නාගරික මන්ත්‍රීවරුන් දෙපළ හරහා සිදු කර ගත නොහැකි වීම නිසාවෙනි.
මීගමුව මහා නගර සභාවේ පරිපාලනය ගැන ද අපට ඇත්තේ විශාල කනගාටුවකි. නිතර සියදහස් ගණනක් ගමන් ගන්නාා වූ පාරක ඝන කැලෑවක් ලෙස වැවී ඇති මෙම අවශේෂ තෘණ ශාකයන් කපා දමා, එය සුද්ද පවිත්‍ර කරදීමට හෝ මීගමුව මහා නගර සභාව අපොහොසත් වන්නේ නම් , එය කුරණ ග්‍රාමය පමණක් නොව , මුළු මීගමුව පුරවරයේම වෙසෙන ජනතාවගේ ඛේදාන්තයක් බව අවසන් වශයෙන් කිව යුතුව ඇත.
මෙම පුවත වගකිවයුතු බලධාරීන්ගේ හා නිලධාරීන්ගේ නෙත ගැටේවා.

K.D. අමල් සිල්වා
මීගමුව , කුරණ ග්‍රාමවාසී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here