මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ , සංස්කෘතික අංශය විසින් 2570 වන සම්බුද්ධ ජයන්ති වෙසක් මංගල්‍යය වෙනුවෙන් සංවිධානය කල වෙසක් බැති ගී වැඩසටහන
” වෙසක් සැදැහැ ගී සරණිය – 2026 ” ඊයේ (27/05/2026) පෙරවරුවේදී එම කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
වෙසක් අසිරිය තුලින් මෙරට වෙසෙන සියලු ජාතින් අතර සාමය සහෝදරත්වය සහ ආගමික සංහිඳියාව වර්ධනය කිරීම අරමුණු කරගෙන , බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත සෑම වසරකම වෙසක් උත්සව සමයේ මෙම භක්ති ගීත වැඩසටහන මෙලෙස සංවිධානය කරනු ලබයි.

වෙසක් සැදැහැ ගී සරණිය – 2026 ” ආරම්භ කරමින් ප්‍රථමයෙන්ම සියලු ආගමි නියෝජනය කරමින් මෙම වැඩසටහන සඳහා සැපැමිණිව සිටි ගරු ස්වාමින් වහන්සේලා ඇතුළු පූජකතුමන්ලා විසින් ආගමික වතාවත් සිදු කරන ලදී.
ඒ අනුව මෙහිදී මීගමුව අබේසේකරාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගරු පූජ්‍ය දැවමොට්ටාවේ මලියදේව ස්වාමින් වහන්සේ, සහ මීගමුව විජයපාල මෙන්ඩිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ගරු දෙල්වල අංගිරස ස්වාමීන් වහන්සේ විසින් බෞද්ධ ආගමික වතාවත් සහ කෙටි දෙසුමක් පැවැත්වූහ.එලෙසම කතෝලික ආගමික වතාවත් ,මීගමුව, මහාවීදිය ශාන්ත මරියා දේවස්ථානයේ මීසම් සහායක ගරු පැතුම් පියතුමා විසින් සිදු කළේය. එමෙන්ම මීගමුව වැල්ලවීදිය, කාලි කෝවිලේ ගරු සුසන්ත කුරුක්කල්තුමා විසින් හින්දු ආගමික වතාවත් සිදු කළේය. එලෙසම ඉස්ලාමීය ආගමික මවුලවි තුමන් විසින් විශේෂ කෙටි දේශනයක්ද සිදු කළේය.
ඊයේ පෙරවරුවේ පැවති මෙම වෙසක් භක්ති ගීත වැඩසටහන සඳහා මීගමුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවා සපයන සියළුම සේවා අංශයන් හී රජකාරි කටයුතුු කරන නිලධාරී මහත්ම මහත්මාවීන් මෙම භක්ති ගීත වැඩසටහන සඳහා භක්ති ගීත ගායනා කළහ. තවද මෙම සේවා අංශ නිලධාරි මහත්ම මහත්මාවීන්ට අමතරව මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව පිහිටුවාගෙන ඇති කාන්තා බල මණ්ඩලය, වැඩිහිටි බල මණ්ඩලය, සංස්කෘතික බල මණ්ඩලය සහ පෙර පාසල් ගුරු සංගමය යන සංවිධාන වල සාමාජික සාමාජිකාවන්ද මෙම වැඩසටහනේදී භක්ති ගීත ගායනාා කළහ.

” වෙසක් සැදැහැ ගී සරණිය – 2026 ” සදහා මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ සහ එම කාර්ය මණ්ඩලයේේ ආරාධනයෙන් ,මීගමුව ආසනය භාර , ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා සහ මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා ප්‍රධාන ආරාධිතයන් ලෙස මෙම භක්ති ගීත වැඩසටහන සඳහා සහභාගි වූ අතර මීගමුව සංචාරක සංගමයේ සභාපති ඒ. වර්ණකුමාර මහතා සහ මීගමුව වෙළෙඳ සංගමයේ සභාපති වෛද්‍ය ඉයැන් මහතා විශේෂ ආරාධිතයන් ලෙස මේ සඳහා සහභාගි වුහ.
එමෙන්ම මෙම භක්ති ගීත වැඩසටහනේදී නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා , නගරාධිපති රොබටී හීන්කෙන්ද මහතා සහ ප්‍රාදේශිය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය ද උත්සව සභාව ඇමතූහ.
වෙසක් සැදැහැ ගී සරණිය – 2026 ” මෙම භක්තිගීත වැඩසටහන නර්තනාංගයන්ගෙන්ද විචිත්‍රවත් වූ අතර මෙය නැරඹීම සඳහා විශාල පිරිසක්, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයට පැමිණ සිටියාහ.
සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු













