ජාත්‍යන්තර තායි සටන් කළා උළෙලේ ප්‍රධාන ආරාධිතයා කටුනායක ගුවන් තොටේදි පිළිගැනේ !

0
43

 

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර තායි සටන් කළා උළෙල – 2026 සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට , මූයි තායි ( Muaythai ) ලෝක සංවිධානයේ සභාපති ෂිනවොඩ් සිරිසොම්පාන් ( Chinawut Sirisompan ) මහතා 05/28 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියේය .

එතුමා සමග ලෝක මූයි තායි සංවිධානයේ ලේකම් ජේඩ් සිරිසොම්පාන්
( Jade Sirisompan ) මහතා , ජාත්‍යන්තර තරග විනිසුරුවරයෙකු  , කනිෂ්ඨ මූයි තායි සටන් කළා ශූරයෙකු ඇතුළු පිරිසක් ද පැමිණ සිටියහ .

මෙම තරගාවලිය එළඹෙන 05/30 දින සිට 06/01 දින දක්වා ලෝකයේ රටවල් 14 ක මූයි තායි බොක්සිං ක්‍රීඩකයින් 100 ක ගේ සහභාගීත්වයෙන් මීගමුව ගෝල්ඩි සෑන්ඩ් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය .

මෙම පිරිස 05/28 දින පස්වරු 04.50 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සමග ශ්‍රී ලංකා මූයි තායි සංවිධානයේ සභාපති දුෂාන්ත පෙරේරා මහතා ඇතුළු පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

(කටුනායක ටී.කේ.ජී.කපිල )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here