මීගමුව , පොඩි පන්සලේ විහාරාධිපති හිමි, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලබයි. .

0
16

 

මීගමුව , පොඩි පන්සල හෙවත් අබේසේකරාරාම විහාරයේ ගරු විහාරාධිපති, පූජ්‍ය දැවමොට්ටාවේ මලියදේව තිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ , අභිනව බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලබයි.
මීගමුව,පුංචිි පන්සල හෙවත් අබේසේකරාරාම විහාරය, එමෙන්ම කදිරාණ විජයාරාම විහාරය, දැවමොට්ටාවේ අභයරාජ විහාරය, සහ තිඹිරිගස්කටුව ,විජය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය යන සිව් විහාරයන්හී විහාරාධිපති ධූරයන් හොබවන, පූජ්‍ය දැවමොට්ටාවේ මලියදේව තිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට, අමරපුර මූල වංශික මහානිකායේ ,බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම වෙනුවෙන් සහ එම ධූරය පිරිනැමීමෙන් පසු , උන්වහන්සේව , මීගමුව අබේසේකරාරාමය වෙත වැඩම කරවීමේ විශේෂ පෙරහරක් සහ උත්සවයක් පසුගියදාා ( 07/06/2026) සවස මීගමුවේදී පැවැත්විණි..

IMG 20260608 WA0058 1 IMG 20260608 WA0059 IMG 20260608 WA0072 IMG 20260608 WA0073 IMG 20260608 WA0071 IMG 20260608 WA0069 IMG 20260608 WA0070 IMG 20260608 WA0068 IMG 20260608 WA0066 IMG 20260608 WA0067 IMG 20260608 WA0043 IMG 20260608 WA0044 IMG 20260608 WA0045 IMG 20260608 WA0048 IMG 20260608 WA0047 IMG 20260608 WA0046 IMG 20260608 WA0050 IMG 20260608 WA0049 IMG 20260608 WA0052 IMG 20260608 WA0051 IMG 20260608 WA0054 IMG 20260608 WA0053 IMG 20260608 WA0055 IMG 20260608 WA0056 IMG 20260608 WA0057 IMG 20260608 WA0060
උන්වහන්සේට මෙම බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා තිබුණේ, පසුගිය 28 වැනි (28/05/2026) දින ය . ඒ , අමරපුර මූලවංශික මහා නිකායේ කාරක සංඝ සභාවේ සමාන ඡන්දය උන්වහන්සේට හිමිවීමෙන් පසුවය.
ඒ අනුව උන්වහන්සේට එම ධුරය පිරිනැමීමෙන් පසු ඊයේ දින සවස, මීගමුව තෙල්වත්ත හන්දියේේ සිට අබේසේකරාරාමය වෙත දර්ශනීය පෙරහැරකින් උන්වහන්සේව වැඩමවා ,එම පදවි ප්‍රාප්ති සන්නස්පත්‍රය යලි පිරිනැමීම සහ ප්‍රසාද පූජාභීවන්දනය සිදුකිරීම, එම විහාරස්ථාන ප්‍රධාන ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්වීය.

මෙම අභිමානවත් ගෞරවනීය උත්සවය සඳහා අමරපුර ශ්‍රී මූලවංශික මහා නිකායේ, මහා නායක අහුන්ගල්ලේ විමලධර්ම තිස්ස නාහිමිපාණන් වහන්සේ , ප්‍රධාන ආරාධිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෙස සහභාගී වූහ.
එලෙසම අමරපුර ශ්‍රී මූලවංශික මහා නිකායේ ප්‍රධාන සහ උප ප්‍රධාන ස්වාමීන් වහන්සේලා පිරිසක්ද මෙම උත්සවය සඳහා සහභාගි වූහ.

ඒ අනුව මෙම උත්සවයේදී උන්වහන්සේ වෙත අභිනවයෙන් ප්‍රදානය කළ බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක ධූරය වෙනුවෙන් පිරිනැමුණු සන්නස්පත්‍රය ප්‍රදානය කිරීම සිදුවිය. එම සන්නස්පත්‍රය උන්වහන්සේ වෙත ප්‍රදානය කළේ , විශ්‍රාමලත් හිටපු ගුවන් හමුදාපති, එයාර් චීෆ් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසිනි . එමෙන්ම උන්වහන්සේ වෙත විජිනි පත ප්‍රදානය කිරීම ,මීගමුව අබේසේකරාරාම විහාරස්ථානයේ දායක සභාවේ සභාපති, ජනාධිපති නීතිඥ කුවේරා සොයිසා මහතා විසින් සිදු කලේය.
තවද මෙම උත්සවය සඳහා ප්‍රධාන රජ්‍ය නිලධාරින් වෙනුවෙන් විශේෂ ආරාධනා ලැබූ මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය සහ කටාන ප්‍රාදේශීය ලේකම් සුමුදු අතුකෝරාල මහත්මිය ප්‍රසාදපූජා පිරිනැමීමේ පිළිවෙතට සහභාගි වෙමින් විශේෂ පිරිකර ප්‍රදානය කිරීමක් ද සිදු කරන ලදී. එම ප්‍රසාදපූජා පිරිනැමීම සඳහා අභිනව බස්නාහිර පළාත් සංඝනායක ධූරයෙන් පිදුම් ලැබූ පූජ්‍ය දැවමොට්ටාවේ මලියදේව තිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ,ගේ සොහොයුරියක් වන මාලනී මහත්මිය ද සහඃභාගී විය.

මෙලෙස අභිනව බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලැබූ පූජ්‍ය දැවමොට්ටාවේ මලියදේව තිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ දැවමොට්ටාවේ, විසු ඉඩම් හිමි වැවිලිකරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු වු එම්.ජයරත්න සිල්වා මහතාගේ සහ කේ. ඇසිලින් ද සිල්වා මහත්මියගේ දරුවන් පස් දෙනකුගෙන් යුත් පවුලේ බාලම දරුවා ලෙසින්
වර්ෂ 1960 පෙබරවාරි මස 01 වැනි දින උපත ලැබීය. එලෙස උපත ලැබු මේ දරුවාට ” ආනන්ද මෛත්‍රී ” ලෙස නමි තැබීය. ඉන්පසු නිසි වයස එලඹීමත් සමඟ ආඬිඅම්බලම මහා විද්‍යාලයට ඇතුළත්ව අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබීය. එලෙසම වයස අවුරුදු 09 දී පමන උන්වහන්සේගේ මවුපියන් හා පවුලේ සැමගේම කැමැත්තෙන් මේ කුඩා ආනන්ද මෛත්‍රී දරුවාව බුදු සසුනට පූජා කිරීම සිදුවිී තිබේ. ඉන් අනතුරුව අපොස උසස් පෙළ අධ්‍යාපනය ලබමින් සිටියදීම එනම් වයස අවුරුදු 17 දී ⁣⁣පමන ආනන්ද මෛත්‍රී තරුණ දරුවා, බෞද්ධ භික්‍ෂුවක ලෙස 1977 වසරේ මැයි මස 28 වැනි දින පැවිදි දිවියට ඇතුලත් වු අතර මීගමුව අබේසේකරාරාමයේ වැඩවාසය කළ මීගමුවේ ජිනවාස තිස්ස නායක ස්වාමීන් වහන්සේ, උන්වහන්සේගේ ප්‍රධාන ගුරු ස්වාමීන් වහන්සේ බවට පත්වුහ. ඉන්පසු ගරු ජිනවාස තිස්ස නායක ස්වාමීන් වහන්සේ ගෙන් බුද්ධ ධර්මය , පාලි භාෂාව , සංස්කෘත හා සිංහල භාෂාව යන විඃෂයන් පිලිබඳව මූලික අධ්‍යාපනය ලැබීය. 1981 වසරේ ජුනි මස 05 දින උන්වහන්සේ කිරිමැටියාන විද්‍යාබන්දු පිරිවෙනයේදී උපසම්පදාව ලැබූහ. එලෙසම දැවමොට්ටාවේ ශාසනවංශ තිස්ස නායක ස්වාමින් වහන්සේ සහ මීගමුවේ සුමේධ තිස්ස නායක ස්වාමීන් වහන්සේ ද , උන්වහන්සේගේ පසුකාලීනව ගුරු ස්වාමින් වහන්සේලා බවට පත් වූහ. උන්වහන්සේ සඳලංකාව ශාස්ත්‍රෝදය මහා පිරිවෙනට ඇතුළත්ව ගරු හෙන්ඩියගල සීලරතන නායක ස්වාමින් වහන්සේ යටතේ අපොස උසස් පෙළ විභාගය සහ ප්‍රාචීන විභාගය දක්වා වැඩිදුරටත් උසස් අධ්‍යාපනය ලැබීය.

මීගමුව පුරවරය යනු කතෝලික ජන ඝනත්වය වැඩිම ප්‍රදේශයක් වන අතරම මුස්ලිම් සහ දමිළ-හින්දු ජනතාවද වැඩි වශයෙන් වෙසෙන පුරවරයෙකි. එවන් ප්‍රදේශයක ජාතීන් අතර සමගිය සහ ආගමික සංහිඳියාව ඇතිකරලීමටත්, එවන් තත්ත්වයන් වැඩිවර්ධනය කිරීමටත් උන්වහන්සේ වැඩි වශයෙන් දායක වී තිබේ. මීගමුව බන්ධනාගාරයේ සියළු රැඳවියන් සඳහා බෞද්ධාගමික වත් පිළිවෙත් ඉටුකරලීමේ මහඟු සද් කාර්යය සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීම , කටුනායක ගුවන් හමුදා කඳවුරේ සියළු බෞද්ධාගමික වත් පිළිවෙත් සිදුකිරීම, මීගමුව බෞද්ධ මන්දිරිය ඇතුළු සමාජ සංවිධාන සහ, මීගමුව රෝහල් කමිටුව වැනි සමිති සංගම් ගනනාවක ප්‍රධානත්වය සහ අනුශාසකත්වය දැරීම, ප්‍රදේශයේ සියලු ආගමික නායකයන්ගෙන් සැදුම්ලත් ආගමික සහජීවන කමිටුවේ අනුශාසකත්වය දැරීම, ආදී බෞද්ධාගමික ශාසනික සේවා සහ සමාජීය සද් කාරයන් රැසකට සම්බන්ධ වීමෙන් ගරු පූජ්‍ය දැවමොට්ටාවේ මලියදේව තිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ මීගමුව ප්‍රදේශය තුළ පමණක් නොව ගම්පහ දිස්ත්‍රික්කයේම, එලෙසම බස්නාහිර පළාත තුළ, මෙන්ම මේ සිරිලක පුරාවටම ඉමහත් ජනාදරයට පත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් ලෙස ප්‍රකට වී තිබේ.
ඒ අනුව ඊයේ දින සවස පැවැත්වූ මෙම උත්සවයේදි අති ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේලා කිහිප නමක්ම කෙටි අනුශාසනා සිදු කළ අතර මෙම උත්සවය සඳහා බස්නාහිර පළාතේ සහ වයඹ පළාතේ ගරු ස්වාමීන් වහන්සේලා රැසක් සහභාගි වූහ.
මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා පොලිසියේ සහ රාජ්‍ය සේවයේ උසස් නිලධාරී මහත්ම මහත්මාවීන් පිරිසක්ද සහභාගි වූ අතර මීගමුව ප්‍රදේශයේ බෞද්ධ සහ අබෞද්ධ විශාල ජනකායක් ද මෙම උත්සවය සඳහා සහභාගි වී සිටිනු දක්නට ලැබිණි.

(( මෙම සටහන සැකසීමේදී සහය වු මීගමුව, කිත්සිරි සිල්වා මහතාට අපගේ විශේෂ ස්තුතිය පළකරමු ))

සටහන .-.
තුෂාර රෝහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here