මීගමුව , මහා නගර සභාවට නවක නාගරික මන්ත්‍රීවරියක් . ….

0
130

 

මීගමුව මහා නගර සභාවට නවක නාගරීක මන්ත්‍රීවරියක් පත් වී තිබෙි. එම නවක නාගරීක මන්ත්‍රීවරිය අද දින ( 09/06/2026 ) ප්‍රථම වතාවට, මීගමුව මහා නගර සභාවේ මහා සභා රැස්වීමකට සහභාගිී වුවාය. ඒ අද දින පෙරවරුවේ, මීගමුව මහා නගර සභා රැස්වීම් ශාලාවේ පැවැති ජුනි මස, මාසික මහා සභා රැස්වීමට වන අතර මෙම නවක නාගරික මන්ත්‍රීවරිය මීගමුව මහා නගර සභාවට පැමිණෙන්නේ නැගෙනහිර පිටිපන කොට්ඨාශය නියෝජනය කරමිනි. සමගි ජන බලවේග පක්ෂයේ සාමාජිකාවක් වන ඇය නමින්
” නිර්මලී ප්‍රනාන්දු” ය. නිර්මලී ප්‍රනාන්දු මහත්මිය වෘත්තියෙන් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන කාන්තාවකි. මීගමුව පිටිපන මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ ඇය මීගමුව මහා නගර සභාවේ විපක්ෂ නාගරික මන්ත්‍රීවරියක් ලෙස පසුගියදා ඇය නියෝජනය කරන සමගි ජන බලවේග පක්ෂයේ, මීගමුව ප්‍රධාන සංවිධායක ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා සහ එම පක්ෂයේ මීගමුව ආසනයේ නීතිඥ නිශාන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ නාගරික මන්ත්‍රීවරියක් ලෙස දිවුරුම් දී ඇති බව ද IMG 20260609 WA0002 IMG 20260609 WA0001වාර්තා වුණි.

ක්‍රියාකාරී දේශපාලනය තුල නිරත වූ සිය පියා වන හෙන්රි පීටර් මහතාගේ ආභාෂයත් , එලෙසම සමාජ සේවාවන් තුළින් ජනතාවට සේවය කිරීමට ඈ තුල ඇති විශේෂ ලැදියාවත් නිසා ඇය ක්‍රියාකාරී දේශපාලනය තෝරාගත් බව ඇය පවසයි.ඇයගේ දේශපාලන ගමන්ම මඟ පිළිබඳව ඇ මෙසේ පැවසීය
“” මම ඉතාමත්ම කැමැත්තක් දක්වනවා ජනතාවට යම් සේවාවක් කරන්න. ඒ කියන්නේ ජනතාව වෙනුවෙන් සමාජ සේවාවන් සිදු කරන්න. ඉතින් සමාජයට යම් මෙහෙවරක්, සේවාවක් කිරීම සඳහා තෝරා ගත හැකි ප්‍රධානතම මාර්ගය ක්‍රියාකාරී දේශපාලනය නිසා, මම 2018 වසරේදී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසුනා. මම මුලින්ම ක්‍රියාකාරී දේශපාලනයට පිවිසුණේ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. ඒ වසරේම ඒ කියන්නේ, 2018 වසරේම පැවති පළාත් පාලන මැතිවරණයටත්,මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මීගමුව මහා නගර සභාව සඳහා තරඟ කලා.
එහිදී මම නියෝජනය කලේ මම පදිංචි නැගෙනහිර පිටිපන කොට්ඨාශයෙන් නෙමෙයි, වෙනත් කොට්ඨාශයකින්. එහිදී මට ඡන්ද ප්‍රමාණයක් මදි වුණා, මීගමුව මහා නගර සභාවට පිවිසීමට. පසුව මම ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාව්‍න්ද ජයවර්ධන මහතාගේ මීගමුව ආසන නායකත්වය යටතේ සමග ජන බලවේග පක්ෂය සමඟ සම්බන්ධ වෙලා ,පසුගිය පළාත් පාලන මැතිවරණයේදී, මීගමුව මහා නගර සභාවට තරඟ කලා. එහිදී මම නියෝජනය කළේ මා වෙසෙන නැගෙනහිර පිටිපන කොට්ඨාශයයි. නමුත් මට එතනදිත් ඡන්ද ප්‍රමාණයක අඩුවක් තිබුණා. ඉතින් මට මුලදිම නාගරික මන්ත්‍රීවරියක් ඤලෙස මීගමුව මහා නගර සභාවට පිවිසීමට නොහැකි වුනත්, ඒ සඳහා දැන් මට අවස්ථාවක් ලැබිලා තියෙනවා,
ඉතින් මගේ මුල සිටම අභිප්‍රාය සහ බලාපොරොත්තු වුණේ ජනතාවට සේවයක් කරන්න. විශේෂයෙන්ම මා වෙසෙන නැගෙනහිර පිටිපන ඇතුළු සමස්ත පිටිපන ප්‍රදේශයට. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මට ලැබුණු මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන, මගේ ගමේ ජනතාවට හොඳ සේවයක් සිදු කරන්න””.

මීගමුව මහා නගර සභාවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේග පක්ෂයේ නාගරික මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයන් 09 දෙනෙකු සිටින අතර ඉන් 02 නෙක් නාගරික මන්ත්‍රීවරුන් වේ . ඉතිරි 07 දෙනා නාගරික මන්ත්‍රීවරියන් වේ . සමගි ජන බලවේගයේ මීගමුව වැල්ලවීදිය කොට්ඨාශය නියෝජනය කරන ෂෙනී ප්‍රනාන්දු නැමති විපක්ෂ නාගරික මන්ත්‍රීවරිය සිය විවාහයෙන් පසු වෙනත් ප්‍රදේශයක පදිංචි වීම නිසා මහා සභා රැස්වීම් 03 කට පමන අඛන්ඩව සහභාගි නොවීමෙන් ඇයගේ නාගරික මන්ත්‍රී ධූරය දැනට මාස කිහිපයකට පෙර අහෝසි වී ඇති අතර ඒ සඳහා වෙනත් මන්ත්‍රීවරියක පත් කර ගැනීමට සිදුවිය.
ඒ අනුව නැගෙනහිර පිටිපන කොට්ඨාශය නියෝජනය කළ නිර්මලි ප්‍රනාන්දු මහත්මියට මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් ලෙස පත්වීමට අවස්ථාව හිමි විය.

සටහන .-.
තුෂාර රෝහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here