ඩෙංගු අවදානම ගොඩක් වැඩි වෙලා!මේකත් කියවල බලන්න!

0
70

මේ දවස් වල ඩෙංගු අවදානම ගොඩක් වැඩි වෙලා.. ඉතින් ඩෙංගු වලට බෙහෙත් බොන්න කලින් මේ ලිපිය කියවලා ඉන්න..

අනේ පුතේ අපේ පුතා ඉස්පිරිතාලේ නැවැත්තුවා.. ගොඩක් අමාරු උනා.. දවසක් අම්මා කෙනෙක් අඩාගෙන කියපු කතාවක් තමයි ඒ..

ඇයි මොකද උනේ…

අපේ පුතාට හොඳටම දවස් දෙකක් තිස්සේ උණ.. බෙහෙත් ගත්තට අඩු උනේ නෑ.. පැරසිටමෝල් දුන්නම අඩු වෙනවා ආපහු වැඩි වෙනවා…

ඉතින් මේ ගැන අල්ලපු ගෙදර නංගී එක්ක කිව්වම එයාට උණ හැදුණු දවසක දීපු බෙහෙත් එකක් තියෙනව ඒක බිව්වාම ඉක්මනටම උණ අඩු වෙනවා කිව්වා.. එයින් එකක් පුතාටත් දෙන්න කිව්වා..

ඉතින් ඒ කතාව අහලා මමත් ඒ පෙත්තක් පුතාට බොන්න දුන්නා..

ඊට පහු වෙනිදා උදේ පුතාට toilet යද්දී ලේ පිට උනා.. පුතාට හොඳටම අමාරු උනා.. අන්තිමට ඉස්පිරිතාලේ නවත්තන්න උනා…

පුතාට තිබිලා තියෙන්නේ ඩෙංගු.. අල්ලපු ගෙදර නංගී දීපු පෙත්තට ලේ පිටවෙන එක වැඩි වෙලා තමයි පුතාට අමාරු උනේ…

දැන් ඉතින් මට පැහැදිලි මොකද වෙලා තියෙන්නෙ කියලා..

අර ඩෙංගු හැදුණු ළමයට දීලා තියෙන්නේ NSAID කියන group එකට අයිති බෙහෙත් එකක්..

ඔයාලා අහල ඇති, නැත්නම් දැන්වීම් වල දැකල ඇති තද උණ තියෙනව නම් පැරසිටමෝල් නැතුව කිසිම බෙහෙත් එකක් දෙන්න එපා කියලා….

එහෙම දෙන්න එපා කියන හේතුවට උදාහරණයක් තමයි උඩින් කියලා තියෙන්නේ..

අපි අද කථා කරමු ඒ ගැන..

ඇයි තද උණ තියෙනව නම් වෛද්‍ය උපදෙස් නැතුව පැරසිටමෝල් නැතුව වෙන බෙහෙත් එකක් දෙන්න එපා කියන්නේ…?

ඩෙංගු වගේ virus රෝග වලට අපේ රුධිරයේ තියෙන පට්ටිකා ප්‍රමාණය අඩු වෙන්න ගන්නවා..

මෙන්න මේ පට්ටිකා වලින් තමයි අපිට තුවාලයක් හරි වෙන මොනවා හරි අනතුරක් උනොත් රුධිර කැටි ඇති කරලා රුධිරය වහනය වීම නතර කරලා අපිව

ආරක්ෂා කරන්නේ..

ඉතින් අපිට ඩෙංගු වගේ රෝග හැදුනාම රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු කරනවා.. අන්න එතකොට අපේ ඇඟේ තියෙන ස්වභාවිකවම රුධිරය කැටි ගැහිලා රුධිර වහනය නතර කරන ක්‍රියාවලියට බාධා එල්ල වෙනවා..

සරලව කිව්වොත් තුවාලයක් වගේ දෙයක් උනොත් රුධිරය කැටි ගැහිලා රුධිර වහනය නතර කරන්න බැරුව යනවා..

එතකොට අධික ලෙස රුධිරය පිට වෙලා මැරෙන්න උනත් පුළුවන්…

දැන් අපි බලමු NSAID වලින් මොකද කරන්නේ කියලා..

NSAID කිව්වට නම් ඔයාලා දන්නේ නැතුව ඇති.. හැබැයි brufen, Diclofenac, Mefenemic acid, Aspirin(ඉහළ මාත්‍රා) වගේ නම් වලින් කිව්වොත් නම් දන්නවා ඇති.. අන්න ඒ බෙහෙත් වර්ග ඔක්කොම ආයිත් කාණ්ඩයට තමයි NSAID(Non Steroidal Anti Inflammatory) කියලා කියන්නේ…

මෙන්න මේ NSAID වලට පුළුවන් වේදනාව හා ප්‍රදාහය (Inflammation) කියන දෙක අඩු කරන්න…

NSAID වලින් ප්‍රදාහය නවත්තන්න අපේ ඇග ඇතුලේ ක්‍රියාත්මක වෙද්දී ප්‍රදාහය ට හේතු වෙන prostaglandin කියන රසායනික සංයෝගය නිෂ්පාදනයට හේතු වෙන COX කියන enzyme එක අවහිර කරනවා

(COX 1 COX 2 කියලා enzyme වර්ග දෙකක් තියෙනව.. සමහර NSAID මේ enzyem දෙකම බ්ලොක් කරනවා, සමහර ඒවා එයින් එකක් විතරක් බ්ලොක් කරනවා)

මෙන්න මේ Cox කියන enzyme eken (විශේෂයෙන් Cox 1 කියන එක) විවිධ කාර්යයන් සිද්ධ කරනවා.. අන්න ඒවගෙන් එකක් තමයි මොනවා හරි අනතුරක් උනාම අපේ ඇඟේ රුධිර පට්ටිකා එකතු කරලා රුධිරය වහනය වන එක නතර කරන එක..

ඉතින් මෙන්න මේ Enzyme එක බ්ලොක් උනාම වෙන්නේ මම ඉස්සෙල්ල කියපු එකේ අනිත් පැත්ත.. ඒ කියන්නේ අපිට මොනවා හරි අනතුරක් උනාම පට්ටිකා එකතු කරලා ලේ වහනය වන එක නවත්තන්න COX කියන enzyem eka බ්ලොක් කරපු නිසා ඒ දේ කරන්න බැරි වෙනවා..

මොකද NSAID වලින් ඒ enzyme එක බ්ලොක් කරලා නිසා අපිට අනතුරක් උනොත් රුධිර පට්ටිකා එකතු වෙලා ලේ පිට වෙන එක නවත්තන්න බැරුව ලේ දිගටම පිට වෙන්න ගන්නවා..

ඒ වගේම NSAID වලින් වෙන තවත් ලොකු අතුරු ආබාධයක් තමයි ආමාශයේ, බඩවැල් වල තුවාල ඇති වීම.. ඔයාල දැකල ඇති මේ බෙහෙත් දෙන වෙලාවට වෛද්‍යවරු gastritis ශ්‍රාවය වීම අඩු කරන බෙහෙත් එකක් දෙනව.. අන්න ඒ දෙන්නේ මේ අතුරු ආබාධය අඩු කරන්න..

ඉතින් ඩෙංගු වගේ ලෙඩක් හදුනාම රුධිර පට්ටිකා අඩු වෙලා රුධිරය වහනය වෙනවා, එහෙම කෙනෙක් NSAID ගත්තාම ආහාර මාර්ගයේ තව තුවාල හැදෙනව…

තුවාල හදුනා උනාට ඒ තුවාල වලින් ලේ පිටවීම නතර කරන system එක අවුල් වෙලා තියෙන්නේ.. ඒක නිසා දිගින් දිගටම රුධිරය වහනය වෙනවා…

මේ දේ ගනන් ගත්තෙ නැතුව හිටියොත් ලේ ගිහිල්ලා මැරෙන්න උනත් පුළුවන්…

ඉතින් මේ දේ සරල කාරණාවක් නෙවේ… ඔයා ට උණ තියෙනව නම් වෛද්‍ය උපදෙස් ගන්න තුරු පැරසිටමෝල් පමනක් නියමිතව මාත්‍රාව පමනක් ගන්න…

ඖෂධ ගැන කිසිම දැනුමක් නැති අය දෙන උපදෙස් පිළිපදින්න යන්න එපා..

එහෙම උනොත් වෙන්නේ අර අම්මට උනා වගේ කරදරයක් තමයි…

සමහර තැන් තේරෙන්නේ නැතුව වගේ ඇති.. ඒ ගැන ලොකුවට හිතන්නේ නැතුව කියලා තියෙන දේ තේරුම් ගන්න…

සුදුසුකම් ලත් වෛද්‍යවරු හෝ ඖෂධවේදීන් ගෙන් නැතුව ඖෂධ ගැන උපදෙස් ගන්න යන්න එපා… එහෙම උපදෙස් අරගෙන ඔයාගෙ ජීවිතය අනතුරේ දාගන්න එපා..

ඖෂධ කියන්නේ සෙල්ලමක් නෙවේ.. පරිස්සමින් හරි උපදෙස් එක්ක ගන්න ඕන දේවල්…

මේ ලිපිය මෙතැනින් අවසන් කරනවා..

මොනවා හරි ගැටලුවක් තියේනම් Comment කරන්න…

අනිත් අයට බලන්න share කරන්න…

Rasika Gamage
SLMC Registered Pharmacist
Bsc (UOJ), Certificate of efficiency as Pharmacist (CMCC)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here