වේගයෙන් පැතිර යන මිගමුවෙ ඩෙංගු රෝගය පාලනය කිරිමට ඒකාබද්ධ වැඩපිළිවෙළක් තිබේද ?

0
710

 

වේගයෙන් පැතිරීයන ඩෙංගු රෝග අවදානමින් මීගමුව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ප්‍රජා ශක්ති ප්‍රජා සංවර්ධන සභා මූලිකත්වයෙන් මීගමුව මහ නගර සභාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහයෝගයෙන් අවදානමට ලක් වූ ග්‍රාම සේවා වසම් දැනුවත් කිරීමේ සහ ශ්‍රමදාන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ඊයේ දින(ජුනි 29) කුරන නැගෙනහිර සහ කුරන දකුණ ග්‍රාම සේවා වසම් මුල් කර ගනිමින් ක්‍රියාත්මක විය.මෙම අවස්ථාව සඳහා මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යය සුගත් තිලකරත්නමීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද සම්බන්ධ තිබුන සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වි තිබුණි.

මේ අතර මිගමුවේ පවතින ඩෙංගු තත්වය නිසි අයුරින් කළමනාකරණය කරගැනිම සඳහා මිගමුව මහනගර සභාවට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඒකාබද්ධ වැඩපිලිවෙලක් තිබේදැයි අප කළ විමසුමකදි මිගමුව ප්‍රාදේශීය ලේකම්වරිය කියා සිටියේ අදාල ආයතන දෙක අතර මනා සම්බන්ධිකරණයකින් යුතුව අනෙකුත් රාජ්‍ය අංශද පුද්ගලික අංශවලද සහය ඇතිව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවය.

කෙසේ වෙතත් නිසි කළමනාකරණයක් තුලින වර්ධනය වෙමින් එන ඩෙංගු රෝගය මර්දනය කරනොගන්නේ 2017 වසරේ මෙන් මිගමුව තුල අවාසනාවන්ත තත්වයක් නිර්මාණය විම කිසිලෙසකින් වත් වලක්වා ගැනිම නොහැකි වනු ඇති බව ඉතා පැහැදිලිය.

සියලු රාජ්‍ය ආයතන එක්ව ක්‍රියාත්මක වුවද පුරවැසියන්ගේ නිසි දායකත්වය ඊට ⁣නොලැබෙන්නේ ඩෙංගු රෝගය පාලනය කිරිමට නොහැකි වන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අවධාරණය කර සි⁣ටිති.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here