Goat keeper ජාත්‍යන්තර පාපන්දු පොත වසා දමයි!

0
96

Goat Keeper එහෙමත් නැත්නම් මේ ජෙනරේෂන් එකේ බිහි වුණ විශිෂ්ටතම දැල් රකින්නා විදිහට හැඳින්වෙන මැනුවෙල් නෝයර් තමන්ගේ ජර්මනි ගමන නිල වශයෙන් අද අවසන් කළා. ඒ ලෝක කුසලානයේ පැරගුවේ තරගය අවාසනාවන්ත විදිහට පරාජය වීමත් එක්ක.

මැනුවෙල් නෝයර් 2010 වර්ෂයේ ඉඳලා මේ වෙනකන් ලෝක කුසලාන වලදී ජර්මානු දැල ආරක්ෂා කළා. ඔහු සුපිරිම පන්නයේ දැල් රකින්නෙක්.

ජර්මනිය සිව්වන වතාවට 2014 පාපන්දු කිරුළ ජයග්‍රහණය කරද්දී ඒ සෑම තරගයකම ජර්මන් දැල මහා පවුරක් වගේ ආරක්ෂා කළේ මැනුවෙල් නෝයර් විසින්. ඔහු අවසන් මහා තරගයේත් ආජන්ටිනාවට එරෙහිව විනාඩි 120 ක් පුරා ගෝල ලබා නොදී දැල ආරක්ෂා කළා.

2014 වර්ෂයේදී පාපන්දු ලෝක කුසලානයේ දක්ෂතම දැල් රකින්නාට හිමි රන් අත් ආවරණය දිනා ගත්තේත් මැනුවෙල් නෝයර් විසින්.

2010 සිට ඔහු ලෝක කුසලාන 5 ක් ක්‍රීඩා කළා. අපි කතා කරන්නේ ගොඩක් මෙසී, රොනාල්ඩෝ, නේමාර්, ලුකා මොද්රිච් වගේ ක්‍රීඩකයන් ගැන වුණත් මැනුවෙල් නෝයර් කියන්නෙත් දැවැන්තයෙක්.

නෝයර්ගේ දැන් වයස අවුරුදු 40 ක්. හැබැයි තවමත් ඔහු තමන්ගේ තරුණ ජවය උපරිමයෙන්ම කණ්ඩායම වෙනුවෙන් ලබා දෙනවා. පැරගුවේ තරගය දඬුවම් පහර වටයෙන් ජර්මනිය පරාජය වුණත් නෝයර් අවසන් මොහොත වෙනකන්ම සටන් කළා.

ඔහු ජර්මන් බලාපොරොත්තු රැක දෙන්න නැවතූ දඬුවම් පහර විශිෂ්ට පන්නයේ වැලැක්වීමක්. ඒ තරම් හැකියාවක් එක්ක ක්‍රීඩා කරන එක අවුරුදු 40 ක ක්‍රීඩකයෙක්ට නම් හීනයක්. හැබැයි නෝයර් ඒක හොඳින්ම කරන්න සමත් වුණා.

ජර්මනිය පරාජය වෙද්දී නැවත වතාවක් ඒක කණ්ඩායමේ නායකයා විදිහට ඔහු දරාගත්තා. මැනුවෙල් නෝයර් කියන්නේ යුග ගණනාවක් පුරාවට, පරම්පරා ගණනාවක් පුරාවට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්.

2009 දී ජර්මන් කණ්ඩායම් වරම් ලැබූ ඔහු 2026 වෙනකන් ඒ කියන්නේ වසර 17 ක් කණ්ඩායමේ නිත්‍ය දැල් රකින්නා විදිහට කටයුතු කළා. මේ කාලයේදී ඔහු ජර්මනිය වෙනුවෙන් ක්‍රීඩා කරපු තරග සංඛ්‍යාව 128 ක්.

වෘත්තීය මට්ටමේ ක්‍රීඩා සමාජ පාපන්දු තරග වලදී මැනුවෙල් නෝයර් තරග 827 ක් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ කියන්නේ ඔහු ආසන්න වශයෙන් තරග 1000 කට ආසන්න ප්‍රමාණයක් වෘත්තීය පාපන්දුව වෙනුවෙන් ක්‍රීඩා කර අවසන්. ඒ රට සහ ක්‍රීඩා සමාජය වෙනුවෙන්.

ගොඩක් ක්‍රීඩකයන්ට වගේ සුන්දර අවසානයක් කරා ගමන් කරන්න ඔහුට හැකියාව ලැබුණේ නෑ. මැනුවෙල් නෝයර් තමන්ගේ පාපන්දු ලෝක කුසලාන පරාජයත් එක්ක ජාත්‍යන්තර පාපන්දු ගමනට තිත තබන්නේ කඳුළු සලමින්.

තවදුරටත් ඔබට Goat Keeper ව ජර්මානු ජර්සියෙන් පාපන්දු ක්‍රීඩාවේ දකින්න ලැබෙන එකක් නෑ. ඔහු ලෝක කුසලාන වල පෙන්නපු අයිකොනික්ම දස්කම් සියල්ල තවමත් ඉතිහාසයේ ඒ විදිහටම ලියැවිලා තියේවි. ජර්මනිය බිහි කරපු අති විශිෂ්ටතම දැල් රකින්නෙක් විදිහට ඔහුගේ නම ඉහළින්ම ලියැවිලා තියේවි.

සියල්ලමත් එක්ක මැනුවෙල් නෝයර් දැන් ජාත්‍යන්තර පාපන්දුවෙන් විශ්‍රාම යනවා. අවුරුදු 40 ක් පුරාවට පාපන්දු ක්‍රීඩාවේ උපරිම තැන් හොයාගෙන ගිය නෝයර්ව තවත් වසරක් හෝ කිහිපයක් වෘත්තීය මට්ටමේ ක්‍රීඩා සමාජ පාපන්දුවේ නම් දකින්නට ලැබේවි.

නමුත් ඔහු නැවත ජාත්‍යන්තර පාපන්දුවේ නම් දකින්නට ලැබෙන එකක් නෑ.

දැල් රකින්නෙක් විදිහට ජයග්‍රහණය කරන්න පුළුවන් උපරිම කුසලාන, උපරිම සම්මාන ජයග්‍රහණය කරපු මැනුවෙල් නෝයර් නැති හිස්තැන පුරවන්න ජර්මානු කණ්ඩායමට නම් සෑහෙන වෙහසක් ගන්න සිද්ධ වේවි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here