කටුනායක සිට ඉස්තාන්බුල් දක්වා මගීන් 253 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු රැගෙන පිටත්ව ගිය තුර්කි ගුවන් සේවයේ ගුවන් යානයක් නැවත බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට අද දහවල් ආරක්ෂිතව ගුවන් තොටුපලට ගොඩබස්සවා ඇත.
මෙයට හේතුව වි ඇත්තෙ යානයේ කුරුල්ලෙකු ගැටිම බව ගුවන්තොටුපල ආරංචි මාර්ග දක්වා තිබුණි.
ආරක්ෂිත ගොඩබෑමක් සදහා යානය ඉන්ධන දහනය කිරිම සදහා පැය ගණනක් තිස්සේ රවුම් කැරකෙමින් සිට ඇත.
මිට මාස 6 කට (2025 දෙසැම්බර් )පෙරද මේ ආකාරයෙන්ම තුර්කි ගුවන් සේවයට අයත් යානයක් කටුනායක හලාවත අවට අහසේ වට ගණනක් පියාසර කරමින් ඉන්ධන දහනය කිරිමට පියවර ගෙන තිබුණි.
ඒ සිදුවිම පිලිබදව එදා මාධ්‍ය මෙසේ මාධ්‍ය මෙසේ වාර්තා කරන්නට යෙදුණි.
කටුනායක සිට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගිය තුර්කි ගුවන් සේවයේ ගුවන් යානයේ රෝද පද්ධතිය කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් යළි ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට එම යානයෙහි ගුවන් නියමුවා සමත් ව තිබේ.
ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා අද (17) අලුයම 12:17 පමණ යළි ගුවන් යානය ගොඩ බැස්වීම සිදුකළ බවය.
තුර්කි ගුවන් සේවයට අයත් TK733 දරන මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළෙන් මගීන් 202ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙකු සමඟ ඊයේ රාත්‍රී 10.00ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගියේය.
මෙම ගුවන් යානය පිටත්වී සුළු වෙලාවකින් එහි රෝද පද්ධතිය නිසි පරිදි ගුවන් යානය තුළට හැකිලීම සිදුව නොමැති බවට ගුවන් නියමුවාට දැන ගැනීමට හැකිව තිබේ.
ඒ අනුව, හලාවත මුහුදු ප්‍රදේශය වෙත ගුවන් යානය රැගෙන ගොස් අඩි 4,000ක පමණ උසකින් නොට්ස් 140ක පමණ වේගයකින් පියාසර කරමින්, ගුවන් යානයෙහි වූ ඉන්ධන, කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට අවශ්‍ය ප්‍රමාණය ඉතිරි කර ගනිමින්, ඉතිරි සියල්ල මුහුදට ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
මේ සඳහා පැය දෙකකට අධික කාළයක් මෙම ගුවන් නියමුවා විසින් ගත කර තිබු අතර මෙම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත A- 330 එයාර් බස් වර්ගයේ විශාලතම මගී ගුවන් යානයක් බව සඳහන්ය.
ඒ අනුව අද අලුයම 12.27ට මෙම ගුවන් යානය ආරක්ෂිත කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට මෙම ගුවන් යානයෙහි නියමුවා සමත් වී තිබුණි.

















