මාලිමා පාලනයට අමතක වුන නගරයේ අනවසර ඉදිකිරිම් ?

0
385

මිගමුවේ මාලිමා පාලනයට දැන් වසරක් පිරි හමාරය.

ඔවුන් එදා සිටම මුහුණ දුන් එක් ප්‍රධාන අභියෝගයක් වුයේ මිගමුව නගරය තුලත් ඉන් පිටතත් ඇති අනවසර ඉදිකිරිම්ය.

පෙට්ටි කඩ ප්‍රමාණයේ  සිට මහල් ගොඩනැගිලි පවා මේ අනවසර ඉදිකිරිම් ගණයට වැටෙන තැන්  මිගමුව නගර තුල පිහිටා තිබේ.

මිගමුව බස් නැවතුම ඉදිරිපස දුම්රිය පාර සමිපයේ ඇති පෙට්ටි කඩයක් වැනි තැන අනවසර ඉදිකිරිම් ලෙස  අප මුලින්ම නිරික්ෂණය කර තිබුනේ මිට වසරකටත් පෙරය

මේ ඉදිකිරිම පිලිබද අප පලමු ඡායාරූපය ගෙන තිබුනේ 2025 මැයි 11 වනදා සවස් වරුවේදීය.

අරුමය වන්නේ මේ ඉදිකිරිම සිදුකර තිබුනෙ රට තුල මාලිමා පාලනය ඇරඹි තිබුන පසුබිමකදි විමය.

අනවසර ඉදිකිරිම් ඉවත් කරනවා යැයි කි මිගමු මහනගර සභාවේ මාලිමා පාලනයට තවමත් ඒවා ඉවත් කිරිමට නිසි පියවර ගෙන ඇති බවක් නොපෙනේ.

කලක් වසා දමා තිබුන මෙම ස්ථානයේ මෑතක සිට තීන්ත කඩයක් පවත්වාගෙන යන අකාරය දැක ගත හැකිවිය.

මේ අනවසර කඩය ඉදිරිපිට ඇති සපත්තු කඩය කරගෙන යන යාම සඳහා කොමසාරිස් පාලනය ආරම්භ විමට පෙර මිගමුවේ කුප්‍රකට දේශපාලකයෙකුහට රු ලක්ෂ 2 ක් අත යට ලබා දි ඇතැයි වාර්තාවිය.

මේ ආකාරයෙන් මිලියන ගණන් වලින්ද සිදුව ඇති අත යට ගණුදෙනු අනවසර ඉදිකිරිම් වෙනුවෙනි.

මේ සකලාකර දුෂණ වංචා වලට එරෙහිව කඩිනමින් දැන් නීතිය ක්‍රියාත්මක කළහැකිව ඇත්තේ ඒවා වලක්වාලිමට එදා කටයුතු කළ පවුල් පාලනය  වෙනුවට ජනතා පාලනයක් දැන් ස්ථාපිතව ඇති නිසාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here