නගර සභා නිලධාරීන්ට චණ්ඩිපාට් දැමු මිගමුවේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

0
632

 

පළතුරු බීම කඩයක් පවත්වාගෙන යන ව්‍යපාරිකයෙකු පසුගියදා මිගමු නගර සභාවට පැමිණ තමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ කුණු නිසි ලෙස ඉවත් නොකිරිම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයෙ නිලධාරීන්ට බැන වැදි තර්ජනය කර තිබුනි.

මේ තර්ජනය සම්බන්ධයෙන් මිගමු පොලිසියට පැමිණිල්ලක්ද කර තිබුනද ආදල ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගෙන තිබුනේ නැත.

එයට හේතුව ලෙස සෞඛ්‍ය අංශයේ අය පවසා සිටින්නේ මාලිමාවේ ඇතැම් දේශපාලන චරිතවල අදාල ව්‍යාපාරිකයාව අත්අඩංගුවට නොගැනිමට යම් මැදිහත්විම් සිදුකර ඇතැයි අනුමාන කරන බවය.

මෙම සිදුවිමේදි නගරාධිපති රොබට් හින්කෙන්ද නිලධාරීන් සහ සේවකයන්ගේ පැත්ත ගෙන අදාල පුද්ගලයාව අත්අඩංගුවට ගත යුතු බවට තදින්ම පෙනි සිට ඇත.

සෞඛ්‍ය අංශයේ නිලධාරීන් අද පෙරවරුවේ පොලිසියට ගොස් පවසා තිබුනේ අදාල ව්‍යාපාරිකයාව අත්අඩංගුවට නොගන්නේ නම් සෞඛ්‍ය කම්කරුවන් අද උද්ඝෝෂණක් කිරිමට කටයුතු කරන බවය.

මේ පසුබිම තුල අද දිනයේ අදාල ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගෙන පොලිස් සිරකුඩුවට දමා තිබුණි.

එහිදි ඔහු අදාල නිලධාරීන්ගෙන් සමාව ඉල්ලා ඇතැයිද නගර සභාවටද පැමිණ සමාව ගන්නා පොරොන්දුව පිට ඔහු අද නිදහස් කර ඇත.

සෞඛ්‍ය කම්කරුවන් සහ නිලධාරීන් වෙනුවෙන් පෙනි සිටිය යුතු සෞඛ්‍ය කමිටුවේ සභාපති මන්ත්‍රී තම හිතවත් ව්‍යාපාරිකයාගේ පැත්ත ගැනිම සම්බන්ධයෙන්ද ප්‍රබල විචේනයක් ඔහුට එරෙහිව දැන් මතුව තිබේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here