හෝටල් වල ප්‍රමිතිය වර්ගිකරණය සදහා ක්‍රියාත්මක H 800 වැඩසටහන මීගමුව තුල ක්‍රියාත්මක කරන්නට සුදානම් වුයේ 2006 පමණ සිටය.
එහෙත් එය කිසිදාක එළියට පැමිණියේ නැත.
එදා මෙදා තුර සෞඛ්‍ය අංශයට අදාල සියළුම බලධරයන්ගෙන් මේ ගැන විමසා සිටිය ද ලැබුණේ එකම පිළිුතුරකි.
එනම් බාලගිරි දෝෂය අද නොවේ හෙට යනුවෙනි.
එහෙත් මේ හෙට දිනය කිසිදාක උදාවුයේ නැත.
මේ නිසාම මීගමුවේ ආහාර පාන ක්ෂේත්‍රයේ වෙළෙන්දෝ ඇති තරම් පිස්සු කෙලින්නට වූහ.
මිගමුව මහනගර සභාවේ වැඩිම කාලයක් සෞඛ්‍ය කමිටු සභාපතිවරයා වුයේ සෞඛ්‍ය කිසිදු අවබෝධයක් නොතිබුන බෝලයක් දයාන් ලංසාය.
දැන් ලංසා පවුල් හවුල් පාලනයේ සකලකාර කෙළි හමාර වි ඇත.
මිගමුව යනු බස්නාහිර පළාතේ වේගයෙන්ම දියුණු වන වානිජ නගරයයි.
ලංකාවේ ප්‍රමුඛ සංචාරක කලාපයක්ද වන මිගමුවේ ආපනශාලා වර්ගිකරණය කරනු ලබන H800 ගෙවන දශක දෙකක් තුලදි පවා ක්‍රියාත්මක කිරිමට මිගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට නොහැකි වුයේ කඳ ඩිජිටල් ඔළුව කචල් පාලකයන් නිසාමය.
දැන් මාලිමා පාලනයේ කාරක සභා වැඩ පටන් ගෙන වසරකටත් වඩා කාලයක් ගෙවි ගොස් ඇත.
සෞඛ්‍ය කාරක සභාව විසින් ප්‍රමුඛතම වැඩසටහනක් ලෙස ආපනශාලා වර්ගිකරණය හෙවත් H 800 ආරම්භ කළයුතුව තිබේ.
දැන් රටතුල මතුව ඇති අලුත් තත්වය හමුවේ හෝ ප්‍රමිතිගත ආපනාශාලා සංස්කෘතියක් බිහිකිරිමේ වගකිම වෙනදාටත් වඩා ඉදිරියට පැමිණ තිබේ.
එහෙත් සැබෑ අභියෝගය නම් වත්මන් සෞඛ්‍ය කාරක සභාවේ සභාපතිට පවා මේ ගැන නිසි අවබෝධයක් ඇත්තේදැයි සැක සහිතය
විසිල් පමණක්ම මදිය මාලිමාව දැන් බල්ටි ගහන්නටද පටන් ගතයුතුය.
නව නගරාධිපතිවරයා මිගමුවේ ආපනශාලා වර්ගීකරණ වැසටහනට ප්‍රමුඛත්වයක් ලබා දි කටයුතු කරනු ඇතැයි බොහෝ දෙනෙකු බලා සිටි.

















