හිටපු නගරාධිපති නීතිඥ රොබට් හීන්කෙන්ද ඉල්ලා අස්වි තිබුනේ පුද්ගලික හේතුවක් මත යැයි කියමිනි.
2026 ජුලි මස 09 වන දින පැවැති මහ සභා රැස්විමට සහභාගි වෙමින් එය මෙහෙයු නගරාධිපතිවරයා තමන්ට පුද්ගලික ගැටලු ඇති බවක් කියා තිබුනේ නැත.
නගරාධිපතිගේ ඉල්ලා අස්විම සහ ඉවත් කිරිම යන කතිකාව සමාජය තුල ඇරඹුනේ ජුලි 13 වෙනි සිටය.
කෙසේ වෙතත් පුද්ගලික හේතුවක් නිසා අස්වන බව ජවිපෙ විසින් සමාජගතකරන්නට උත්සාහ කලද තතු දන්නෝ මේ වන විටත් නිසි විග්‍රහයන් ඉදිරිපත් කර තිබේ.



මේ ගැන ජාමේ බේරාගැනිමේ අසාර්ථක උත්සාහයක නිරතවු ඇතැම් පොලිටික්කන් ඒවා අවසන් කරගෙන තිබුනේ කකුල කටේද ඔබාගෙනය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මැතිවරණයට ජනබලවේගය විසින් මිගමුවට ඉදිරිපත් කරන ලද දේශපාලන චරිත දෙකම මේ වන විට ක්‍රියාකාරි දේශපාලනයක නිරත බවක් නොපෙනේ.
යන්තම් වසරක් ගතවු පසු මාලිමා නගරාධිපතිවරයාද ඉවත්ව ගොසිනි.
ඉන් කියැවෙන තිත්ත ඇත්ත කිසිවිටකත් මිගමුවට සුබදායක එකක් නම් නොවේ.
මිගමුවට දැන් ඉන්නේ මිගමුවේ හතර කොන් පවා නොදන්නා පැරිෂුට් නායකයන්ය.
ශක්තිමත් පුරවැසි දේශපාලනයක අවශ්‍යතාවය මේ පසුබිම තුල අනිවාර්යය කරුණක් බවට පත්ව ඇත.
ආණ්ඩු පක්ෂයේ සිටින අති බහුරයක් නාගරික මන්ත්‍රීවරුන්ට දේශපාලන හෝ මිගමුවේ සැබැ ගැටලු ගැන මෙන්ම ලංසා පවුලේ කප්පරක් වංචා දූෂණ ගැනද සැබැවින්ම නිනව් නැත.
අඩුම තරමින් මහසභා රැස්විමකට මිගමුවේ බදුගෙවන ජනයා වෙනුවෙන් හරවත් යෝජනාවක් හෝ සභා න්‍යාය පත්‍රයට එක්කිරිමට පවා මේ අය අසමත්ය.
ජන අරගලය මිගමු දේශපාලනයේ තිරාණාත්මක හැරවුම් ලක්ෂය වුවා සේම ශක්තිමත් පුරවැසි දේශපාලන ක්‍රියාකාරිත්වයක් අද වෙනදාටත් වඩා ඉල්ලා සිටින තත්වයක් නිර්මාණය වි තිබේ.
කසාය බීපු ගොළුවන් සේ මිගමුවේ ඇත්ත ප්‍රශ්ණ වෙනුවට කව්රුන් හෝ විසින් ලියා දෙනු ලබන යෝජනා සහ වොයිස් කට් දිම විපක්ෂයේ කාර්යභාරය යැයි සිතා සිටින විශේෂයෙන්ම සජබ දේශපාලන ධාරවට පවුලක් විසින් කබාසිනියා කර ඇති මිගමුවට සෑබැ දේශපාලන න්‍යාය පත්‍රයක් ඇති බවක් කිසිසේත්ම නොපෙනේ.
සජබ දේශපාලන නායකත්වය ලංසා පවුලට එරෙහිව පාරට බැස නැත.එදා මෙන්ම අදත් ලංසා පවුලට එරෙහි ක්‍රියාමාර්ග වලට යොමුවිමට ඔහුගේද සුදානමක් ඇති බවක් නෙපෙනේ.
සජබ කණ්ඩායම් නායිකාවටද එවැනි පසුබිමක් නැත්තේ ලංසාලා සමගින් විවිද හේතු අරභයා ජයකොඩි පවුලට පැවති විවිධ සම්බන්ධතා නිසාමය.
මේ සියල්ල විසින් කියා සිටින්නේ මිගමුව අළුතින් ගොඩ නැගිම සඳහා ප්‍රබල පුරවැසි දේශපාලන ක්‍රියාකාරිත්වයක අවශ්‍යතාව මිගමුව හමුවේ ඇති මේ මොහොතේ සෑබෑම අභියෝගය බවය.
A M ප්‍රනාන්දු.

















