මීගමුවේ ක්‍රීඩාංගණ සංවර්ධනයට රුපියල් මිලියන 115 ඉක්මවූ ප්‍රතිපාදන

0
76

​ක්‍රීඩා සංස්කෘතියක් බිහිකිරීමේ ජාතික අරමුණ යටතේ, පාසල් සහ මහජන ක්‍රීඩාංගණ සංවර්ධන වැඩසටහන ක්‍රියාවට නංවමින් මීගමුව දළුපත සමනළ ක්‍රීඩාංගණය සහ කොච්චිකඩේ ක්‍රිස්තුරාජ විදුහල් ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීමේ කටයුතු නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතය.

​මෙම සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සහ සැලසුම් පිළිබඳ විස්තර පහත පරිදි⁣⁣වේ.

  • දළුපත සමනළ ක්‍රීඩාංගණය සංවර්ධනය: රුපියල් මිලියන 64.71 ක මූල්‍ය ප්‍රතිපාදනයක් යටතේ සිදු කෙරෙන අතර, ක්‍රීඩාපිටිය තුළ ජලය බැසයාම විධිමත් කිරීම සඳහා ප්‍රධාන පිවිසුම ඉදිරිපිට මාර්ගයේ පිහිටි පැරැණි කානුව දක්වා නව කානුවක් ඉදිකිරීම මෙයට ඇතුළත් වේ.
  • කොච්චිකඩේ ක්‍රිස්තුරාජ විදුහල් ක්‍රීඩාංගණය සංවර්ධනය: රුපියල් මිලියන 50.5 ක මුදලක් මේ සඳහා වෙන් කර ඇත.

​මේ වන විට මෙම ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන කටයුතු අවසන් අදියරට ළඟා වී තිබේ. ඒ සම්බන්ධයෙන් වන ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවක් මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ගේ ප්‍රධානත්වයෙන් (සැප්තැම්බර් 02 දින) සිදු කෙරිණි.

​මෙම ක්ෂේත්‍ර චාරිකාව සඳහා නාගරික මන්ත්‍රී සංගීත් පෙරේරා, නාගරික මන්ත්‍රීනි රූපිකා නාමලී, නාගරික මන්ත්‍රී ක්‍රිශාන් මැක්සිමස් යන අය  ඇතුළු තාක්ෂණික නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here