නගරාධිපති සහෝදරයා වෙත…

0
41

ගරු නගරාධිපති
මීගමුව මහා නගර සභාව

නගරාධිපති සහෝදරයා,

මේ සමග. ඇති ජායාරුප වලින් දැක්වෙන්නේ කතෝලික සභාවට අයත් බව කියන( සැබවින්ම මෙය අයිති කාටදැයි මම නොදනිමි ) මීගමුව කොටුව පිට්ටනිය ආසන්නයේ ඇති මාළු වෙළඳසැලට ඇතුළු වෙන ස්ථානයයි.
මෙම ස්ථානයේ නඩත්තු කිරීම පවතින්නේ ඉතාමත් කණගාටුදායක මට්ටමකය.
මෙම ස්ථානයේ නැරඹීමට විශාල විදේශිකයන් ප්‍රමාණයක් එන අතර අඩුම ගානේ ඔවුන්ට ඇවිදගෙන යාමටවත් හැකියාවක් නැති අතර වැස්ස කාලයේදී මඩ වගුරු වලින් එය පිරී යයි.
අති විශාල පාරිභෝගිකයන් පිරිසක් දිනකට මාළු ගැනීම සඳහා පැමිණෙන අතර ඔවුන්ට මෙම ස්ථානයට ඇතුළුවී එළියට පැමිණි පසු කකුල් දෙක සෝදා ගත යුතුව ඇත.
මෙහි ඉදිකිරීම් වල කිසිම ක්‍රමවත් බවක් නැති අතර ින් පොළොවේ හැම දිශාවකටම මාළු පිරිසිදු කිරීමේ වතුර ගලායයි.
මා දන්නා පරිදි මෙම ලෙල්ලම අයිති වන තැනැත්තාට හෝ ආයතනයට මෙම ලෙල්ලමෙන් විශාල ආදායමක් ලැබෙනු ඇත.
මෙම ලෙල්ලම අයිති කතෝලික සභාවට නම් එය නඩත්තු කිරීමේ වගකීම ද සභාව සතුය.
කාට මෙම ලෙල්ලම අයිති වුණත් මෙය පිරිසිදුව ජනතා හිතවත් ලෙස ක්‍රමවත්ව පවත්වා ගැනීම නියාමනය කිරීමේ වගකීම මීගමුව මහ නගර සභාව සතුය.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පිරිසිදු නගරයක් දකින්නට ජනතාව පෙරුම් පුරමින් බලා සිටී.

මේ පිළිබඳව ඔබගේ කාරුණික අවධානය යොමු කර හැකි තරම් ඉක්මනින් මෙම ස්ථානය වඩා පිරිසිදු සහ ක්‍රමවත් ස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

ක්ලීන් ශ්‍රී ලංකා ආයතනය වෙතද මෙහි පිටපතක් යවමි.

අරුණ ශාන්ත නෝනිස්
මීගමුවේ පුරවැසියෙක්
2026.09.24

පිටපත:
නියෝජ්‍ය නගරාධිපති
ක්ලීන් ශ්‍රී ලංකා ආයතනය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here