සාමාන්‍යයෙන් රුපියල් දෙදහසකටත් අඩු මාසික ජල බිල්පතක් ලැබෙන මීගමුව ප්‍රදේශයේ නිවසකට පසුගිය මාසය සඳහා රුපියල් 86,035.83 ක අසාමාන්‍ය ජල බිල්පතක් ලැබීමේ පුවතක් වාර්තා වේ.
මීගමුව, ඇන්ඩර්සන් පාර, අංක 26/3 A හි පදිංචි ඩබ්ලිව්. ඩබ්ලිව්. ප්‍රනාන්දු මහතා විසින් ඊයේ (2026 නොවැම්බර් 18) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ ගරු අධ්‍යක්ෂතුමා වෙත මේ පිළිබඳව ලිඛිත පැමිණිල්ලක් යොමු කර ඇත.
පසුගිය මාස කිහිපයේ ජල බිල්පත් වාර්තාව
ගිණුම් අංක 22/20/208/102/12 (10) යටතේ නිකුත් වී ඇති ඔහුගේ නිවසේ පසුගිය මාස පහක ජල බිල්පත් විස්තර පහත පරිදි වේ:
- 2026.06.08 – 2026.07.08: රු. 1,820.07
- 2026.07.08 – 2026.08.07: රු. 1,872.44
- 2026.08.07 – 2026.09.07: රු. 1,356.78
- 2026.09.07 – 2026.10.08: රු. 7,614.89
- 2026.10.08 – 2026.11.08: රු. 86,035.83
මෙම අසාමාන්‍ය බිල්පත හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට සහ මානසික පීඩනයකට පත්ව සිටින බව ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි. එබැවින්, තමන් මුහුණ දී ඇති මෙම ගැටලුව පිළිබඳව සානුකම්පිතව සලකා බලා නිසි විසඳුමක් ලබා දෙන ලෙසත්, එතෙක් තම නිවසේ ජල සැපයුම විසන්ධි නොකරන ලෙසත් ඔහු ජල සම්පාදන මණ්ඩලයේ බලධාරීන්ගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටී.



















