නව මාධ්‍ය ලංකාවේ මාධ්‍ය කලාවේ තිරණාත්මක වගකිමක් ඉටුකිරිම සදහා පෙරට පැමිණෙමින් තිබේ.
විශේෂයෙන්ම ලෝකය පුරා ක්‍රියාත්මක නව මාධ්‍ය මෙහෙයුම් ඒ ඒ රටවල සමාජ ව්‍යාපාරයන් වෙත ඉදිරිගාමි ජවයක් ලබාදෙමින් ප්‍රධාන ධාරවෙන් නොලැබෙන ඉඩ සපුරාලමින් සිටි.
එහෙත් ලංකාව තුල එය එසේම වේදැයි සැක තියෙන්නේ ලංකාවේ සයිබර් මාධ්‍ය කලාව ඒ වැඩේට අතගසා ඇති ඇතැම් බයියන්ගේ ගානට කැපෙමින් තිබෙන නිසාය.
මෙය අතිශය භායනකය.
හේතුව හෙට දවසේ විශේෂයෙන් වෙබ් මාධ්‍ය කලාවට මේ විෂබිජ ඇතුළුවිම නිසා ඇතිවිය හැකිව තිබෙන තත්වය දැන්ම පෙනෙන්නට පටන් ගෙන ඇති නිසාය.
මහපොලොවේ මිනිසුන් හා ගණුදෙනු කිරිමට හෝ ඔවුන් සංවිධානය කිරිමට හැකියාවක් නැති මේ බයියෝ සයිබර් අවකාශයේ ඉද ගරිල්ලා ප්‍රහාර එල්ල කිරිම සිය වෙබ් මාධ්‍ය මෙහෙවර යැයි කියන්නට පටන් ගෙනය.
මේවන් ගරිල්ලා වැඩ දකුණේ සමාජය තුල අප කොතෙකුත් දැක ඇත්තෙමු.
හැබැයි අවසානයේ ඉතිරිවුයේ හිස්පතුරම් ගොඩක් පමණක් බව ඉතිහාසය විසින් කි වතාවක් නම් ඔප්පු කර ඇතිද?
මේ ඇතැමුන්ට හිස් පතුරම් ටික එකතුකරගන්නවත් කව්රුත් නැති ගානය.
එහෙත් මේ කිසිවෙකුගේත් ආතල් මේ නිසා කැඩෙන්නේ නැත්තේ මහපොළවේ වැඩේට මේ අයගේ ඇගවල් ගැලපෙන්නේ නැති නිසාය.
ඔළු පමණක් ඩිජිටල්ය..කද කචල්ය….
එබැවින් මෙවැනි බූවන් හෙට පමණක් නොව අනින්දාත් විසිල් පමණක්ම ගසනු ඇත.හැබැයි කිසිදාක බල්ටි නම් නැත්තේමය.












