මෙන්ඩිස් අරක්කු ගැන සොයන්නට ගොස් මාධ්‍යවේදීන් ගුටිකයි – මඩකලපුවේදී විරෝධතා

0
113

journalist-c

කල්කුඩා ප්‍රදේශයේ ඉදිවන මත්පැන් කර්මාන්තශාලාවක් සම්බන්දයෙන් වාර්ථා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට ඉකුත් 22වන දා සිදුකල ප්‍රහාරයට විරෝධය දක්වමින් ඊයේ (25) දිනයේදී මඩකලපුව දෙමළ මාධ්‍යවේදීන්ගේ සම්මේලනය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබුණි. එම විරෝධතාවය පැවැත්වුණේ මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිටදීය.

මේ අවස්ථාව සදහා ප්‍රදේශයේ දේශපාලඥයන් විශාල පිරිසක්,මාධ්‍යවේදීන් මෙන්ම සිවිල් සංවිධානවල පිරිස්ද සහභාගී වී සිටි අතර මෙම පහර දීම සම්බන්දයෙන් පරීක්ෂණ සිදුකොට පහරදුන් පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස ආදල බලධාරීන්ට මෙහිදී  බලකල අතර මෙවන් සිදුවීමක් නැවතත් සිදුනොවීමට බලධාරීන් පියවර ගතයුතු බවද විරෝධතාකරුවන් අවධාරණය කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here