බාලවයස්කාර විවාහ සම්බන්දයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

0
141

593b2d4b25983.image

යම්කිසි පුද්ගලයෙකු බාල වයස්කාර දැරියක විවාහ කරගත් අවස්ථාවක තම බාලවයස්කාර බිරිද සමග ලිංගික කටයුතුවල  යෙදීම දූෂණයක් ලෙස සලකනු ලබන බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. මෙම තීන්දුව ඉන්දීය ඉතිහාසය තුල බාලවයස්කාර විවාහ සම්බන්දයෙන් ලබාදුන් ඓතිහාසික තීන්දුවක් ලෙසයි සැලකෙන්නේ.

සිය කැමැත්තෙන් තොරව ස්වාමිපුරුෂයා තමන්හා ලිංගික සංසර්ගයේ යෙදෙන්නේ නම් වසරක් ඇතුළත ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ස්වාමිපුරුෂයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බාල වයස්කාර මනාලියකට අවස්ථාව හිමි වේ.ඉන්දියාව තුළ සිය අභිමතය පරිදි ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමට සහ විවාහ වීමට කාන්තාවකට නීතියෙන් අවසර හිමි වන්නේ වයස අවුරුදු 18 නි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here