ලක්ෂ 80 ක වියදමකින් මෑතකදි ඉදිකළ ගිණුම් අංශය කඩා කොමසාරිස් යළිත් හදයි !

0
52

NGB MC newමීගමුව මහනගර සභාවේ හිටපු නගාරාධිපති ඇන්ටනි ජයවීර විසින් මිට වසර 2 කකට ඉහතදි රුපියල් ලක්ෂ 80 ක පමණ වියදමකින් ඉදිකරන්නට යෙදුන ගිණුම් අංශය කඩා තවත් විශාල වියදමක් කරමින් එය අලුතින් ඉදිකිරිමට  නාගරික කොමසාරිස් සුගත් කුමාර මහතා කටයුතු කර ඇතැයි වාර්ථා වේ
මෙය එහෙම පිටින්ම සල්ලි නාස්තියක් බව මීගමුව මහනගර සභාවේ අතිබහුතරයකගේ  මතය වි තිබේ.
ඇමති ලංසාට ඉතාමත් සමිපතම ඥාති සම්බන්ධයක් ඇති මිගමුව මහනගර සභාවේ සේවකයෙකුගේද පූර්ණ මගපෙන්විමේන් මෙහි ඉදිකිරිම් කටයුතු අදාල කොන්ත්‍රාත්කරුවන් වෙත ලබා දි තිබෙන බවද කියැවේ.
කෙසේ වෙතත්  මීගමුවේ බදුගෙවන ජනයාගේ අත්‍යවශ්‍ය සේවා අවශ්‍යාතවන් රැසක් ඉටුකිරිමට තිබියදි මේසා මුදල් නාස්තියක් සිදුකිරිම මහත් අපරාධ්යක් මීපුරට අදහස් දක්වමින් නගර සභා නිළධාරින් කිපදෙනෙකුම පවසා සිටි.