spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අයවැයට පෙර මුදල් ඇමැතිගෙන් සහන රැසක් !

Must read

 mangala

අත්‍යශ්‍ය ආහාර ද්‍රව්‍ය 6ක මිල අඩුකරයි.

හෙට (9) ඉදිරිපත් කරන 2018 අයවැයට පෙර මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මෙතෙක් පැවැති අයවැය සම්ප්‍රදායට නව පිටුවක් එක් කරමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක් සඳහා පනවා තිබෙන බදු අද (8) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකළ බව නිවේදනය කළේය.

මේ අනුව හාල් මැස්සන්, අර්තාපල්, ලොකු ලුණු, පරිප්පු, කරවල, පොල් තෙල්, එළවළු තෙල් සහ පාම් තෙල් මිල අඩු කෙරෙනු ඇත.

මුදල් අමාත්‍යාංශයේ දී අද(8) පස්වරුවේ මාධ්‍ය වේදීන් ඇමැතු ඇමැති මංගල සමරවිර මහතා, චිනයේ දාර්ශනිකයකු වන කොන් ෆියුසියස් කුසගින්නේ සිටින අයෙකුට මාළුවකු දෙනවාට වඩා බිලීපිත්තක් දිය යුතු යැයි පවසා ඇති බවත් තමාද එම අදහස අනුව යමින් මෙවර අයවැය මඟින් තරුණ පරපුර දිරිගන්වන යෝජනා ඉදිරිපත් කරන බව කීය.

අද ප්‍රකාශයට පත් කරන ලද ආහාර ද්‍රව්‍ය සඳහා බදු අඩුකිරීම නිසා මසකට රුපියල් මිලියන 1500ක් වැය කිරීමට රජයට සිදුව බව ද ඇමැතිවරයා පැවසීය.

බදු අඩුකරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලැයිස්තුව මෙසේය.

අයිතමය                  පවතින බද්ද අනුව       අඩුකළ බද්ද අනුව        නව බද්ද අනුව
කි.ග්‍රෑමයට අඩු වූ        කි.ග්‍රෑමයට අඩු වූ         කි.ග්‍රෑමයට අඩු වූ
මුදල රු.                    මුදල රු.                   මුදල රු.
හාල් මැස්සන්                11                          10                         1
අර්තාපල්                     40                          39                         1
ලොකු ළුණූ                  40                          39                         1
පරිප්පු – සම්පූර්ණ           10                           9                          1
පරිප්පු පියළිකළ              15                         12                          3
කරවල                      102                         50                         52
ශුද්ධ නොකළ පාම්
තෙල් / අනෙකුත්
එළවළු තෙල්               110                          15                          95
පාම් ඔලේන්                115                          15                        100
පාම් ස්ටියරින්               110                          15                          95
ශුද්ධ කළ පාම් තෙල්       135                          25                        110
ශුද්ධ කළ අනෙකුත්
එළවළු තෙල්                130                          25                         105
ශුද්ධ නොකළ පාම්
කර්නල් තෙල්               130                          25                           105
ශුද්ධ කළ පාම්
කර්නල් තෙල්               145                          35                            110
පොල් තෙල් (ශුද්ධ
නොකළ හා
ශුද්ධ කළ)                   130                          25                            105

 www.news.lk
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article