මියගිය ධීවරයෙකු වෙනුවෙන් රු.ලක්ෂ 10ක වන්දියක්

0
128

dc1516ceefd5148fe597764194235c2a_Lඅයහපත් කාලගුණය හේතුවෙන් අනතුරට ලක්වී මියගිය ධීවරයන් තිදෙනකු වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂය බැගින් වන්දි ප්‍ර‍දානය කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අතින් පසුගියදා ආරම්භ කෙරිණි.

මියගිය ධීවරයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ලබාදීමට රජය පියවර ගෙන තිබෙන අතර අවමංගල්‍ය කටයුතු කරගෙන යාම සඳහා එම මුදලින් රුපියල් ලක්ෂයක් අත්තිකාරම් ලෙස ලබාදුන් බව අබේවර්ධන අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මෙම මුදල් පරිත්‍යාග කරන ලද්දේ රත්ගම, දොඩංදූව හා අම්බලන්ගොඩ ප්‍රදේශවල පදිංචිව සිට මියගි ධීවරයන් තිදෙනාගේ නිවෙස්වලට ගොස් එම දේහයන්ට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුවය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ශෝකය ද එම ධීවරයන්ගේ ඥාතීන්ට ප්‍රකාශ කළ බව ද ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.

ආපදාවට ලක්වූ සියලු දෙනාට ම කඩිනමින් වන්දි ලබාදෙන අතර නිවාස හානි සිදුවූ අයට අද (02) හා හෙට (03) දිනවල වන්දි ලබාදීමට ආපදා සහිත ප්‍රදේශයන් හි සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල විවෘත කර තිබෙන බව ද සඳහන් කළේය .

ඒ වගේ ම එම ප්‍රදේශයන්හි රාජ්‍ය බැංකුවලටත් ආපදාවට ලක්වූවන්ට ලබාදෙන චෙක්පත් මුදල් බවට පත්කරගැනීම සඳහා බැංකු ශාඛා විවෘතව තබන ලෙස උපදෙස් දී තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


www.news.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here