ශ්‍රි ලංකා මිරර්ට සම්මානයක් !

0
123
KelumS_670px_25_04_18ශ්‍රී ලංකා මිරර් කර්තෘ කැළුම් ශිවන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතනහිමියන්ගෙන් සම්මානය ලබාගත් අයුරු..

ශ්‍රී ලංකා මිරර්ට සම්මානයක් !

වස විස නැති රටක් නිර්මාණය කිරීමේදී දැක්වූ වෙබ් මාධ්‍ය දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියට විශේෂ ප්‍රණාම සම්මානයක් ඊයේ (24) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති “වස විස නැති රටක් වෙනුවෙන් එක්වෙමු” වැඩසටහනේදී හිමිවිය.
මෙහිදී විශේෂ ප්‍රණාම සම්මාන 12ක් ප්‍රදානය කෙරුණු අතර එහිදී සම්මාන 5ක් හිමිවූයේ මාධ්‍ය වෙනුවෙනි.
වෙබ්මාධ්‍ය වෙනුවෙන් හිමිවූ එකම සම්මානය ශ්‍රී ලංකා මිරර්ට හිමිවීමද විශේෂිතය.
වස විස නැති රටක් පැලවී හමාරයි !
මේ උත්සවයේදී අදහස් දැක්වූ උපායමාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනය (සෙමා) හි සභාපති අශෝක අබේගුණවර්ධන මහතා කියා සිටියේ වස විස නැති රටක් වැඩසටහන ගෙවුණු දෙවර්ශයේදී සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බවයි.
ඒ මහතා එහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ පසුගිය කන්නයේ සිදු කළ කාබනික වී වගාව රසායනික වී වගාව අභිබවා යාමට සමත්වූ බවද ඔහු දත්තානුසාරයෙන් පෙන්වා දූන්නේය.
ඒ අනුව ඒ මහතා දත්තානුසාරයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ මධ්‍යස්ථාන හතරෙහි පැවැති ආදර්ශන පහෙන් තුනකම වස විස නැති ජෛවවිද්‍යාත්මක නියැදියේ අස්වැන්න රසායනික නියැදියේ අස්වැන්නට වඩා වැඩි බවද අබේගුණවර්ධන මහතා ඔප්පුකර පෙන්වනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here