කොච්චිකඩේ කුණු අදිනවා යැයි කියා රු කෝටි ගණනක් කාබාසිනියා කළ නගර පාලනය ගැන විපක්ෂය නිහඩ ඇයි ?

0
60

FB_IMG_1547546502724(8.00 am ) මිගමුව මහනගර සභාව ඊයේ  සිට කොච්චිකඩේ ප්‍රදේශයේ කුණු ඇදිම නගර සභා කම්කරුවන් යොදවා අරභා ඇතැයි  නගරාධිපති  දයාන්ලංසා සිය මුහුණු පොතේ සටහනක් තබා ඇත.
මේ සටහන පමණක් කියවා බලන අයෙකුට හැගි යන්නේ ඇත්තටම දයාන් ලංසා කොන්ත්‍රාත්කරුවන්ට අකමැති නිසාම නගර සභාවේ සේවකයන් මෙසේ කුණු ඇදිමට  වසර 15කට පසු නිර්භීත පියවරක් ගෙන ඇති බවය. එහෙත් සෑබෑ තත්වය  යනු අති බිහිසුණු මුදල් නාස්තියක් පිළිබද කථාවකි.
එහෙත් මේ කටුක ඇත්ත නොදන්නා අය නගරධිපතිවරයාගේ මුහුණ පොතේ  පැසසුම් සටහන් තබනු ඇත්තේ වගේ වගක් නොමැතිවය.
කෙසේ වෙතත් වසර 15 කට පසුව හෝ ගත් මේ ක්‍රියාමාර්ගය හොදය.
එහෙත් එහි ඇති නරක වන්නේ මේ කටයුත්ත නිසි කළකට ආරම්භ නොකිරිම නිසා  රු පියල් කෝටි ගණනක් කබාසිනියා කර දැමිමය.
නගරාධිපති දායාන් ලංසා සිය මුහුණු පොතේ මේ ගැන කියා තිබුනේ මෙලෙසිනි

මීගමුව මහා නගර සභාවට අයත් කොච්චිකඩේ බල ප්‍රදේශයේ කසළ ඉවත් කිරීමේ කටයුතු වසර 15ක් තිස්සේ පෞද්ගලික අංශයට පවරා තිබූ අතර මා නගරාධිපති ධූරයට පත්වීමෙන් පසු නගරසභාවට අළුතින් ට්‍රැක්ටර් රථ හා සේවකයන් බදවාගෙන අදාල පෞද්ගලික අංශයට පවරා තිබූ ගිවිසුම් අවසන් කොට කොච්චිකඩේ බල ප්‍රදේශයේ කසළ ඉවත් කිරීමේ කටයුතු ජනවාරි මාසයේ සිට නැවත මීගමුව මහා නගර සභාවේ සෞඛ්‍ය  අංශය වෙත පවරන ලදී.
දයාන් ලාන්සා – මීගමුව නගරාධිපති
2019.01.15

FB_IMG_1547546469402නගරාධිපති දයාන් ලංසා ලියා නැති , මිගමුවේ බදු ගෙවන ජනතාවද නොදන්නා , වෙනත් කිසිදු මාධ්‍යක් විසින් හෙළිනොකරන ඇත්ත කථාව අපි යළිත් වරක් මෙහි සටහන් කරමු.
ඒ එය සෑබෑ මාධ්‍යයක වගකිම ලෙස අප සලකන බැවිනි.

කොච්ච්කඩේ ප්‍රදේශයේ කුණු ඇදිමට යැයි කියා අමතර සේවකයන් පිරිසක් බදවාගත්තේ මිට මාස 8කටත් කලිනි.ඒ සදහා රු ලක්ෂ ගාණක වැය කරමින් ට්‍රැක්ටර්ද මිළට ගෙන තිබුණි.
ගෙවුණු මාස 8ක් කාලය තුලදි  රුපියල් ලක්ෂ 90කට ආසන්න මුදලක් නගර සභා පාලකයන් විසින් කම්කරුවන්ට පඩි ගෙවා තිබුණි.
ඒ පාඩුවට අමතරව කොච්චිකඩේ කුණු  ඇදිමේ ටෙන්ඩරය ක්‍රියාත්මක කරන සෙවන් හිල්ස් සමාගමටද මසකට රු ලක්ෂ 20ක පමණ මුදලක් වැය කොට තිබුණි.
එය දල වශයෙන් රු ලක්ෂ 160 ඉක්මවන මුදලකි.
මේ අනුව බලන කළ මිගමුව මහනගර සභාව කොච්චිකඩේ කුණු ඇදිමට යැයි කියා කාබාසිනියා කළ මුදල රුපියල් කෝටි ගණනකි.
මේවා මහජන මුදල්ය.
මිගමුවේ ජනතාවගේ බදු මුදල්ය.
දේශපාලකයන් මොන පිස්සුවක් කෙලියද පරිපාලන අධිකාරිය සිටින්නේ මේ මහජන මුදල් වලට වගකියන රෙගුලාසි ක්‍රියාත්මක කරන්නටය.
එහෙත් මිගමුවේ පරිපාලන අධිකාරිය යනු ලංසා පවුලේ අණසකට යටත්ව සිටින බයාදු බලකායකි.
එබැවින් ඔවුන් මිගමුවේ බදු ගෙවන ජනයාගේ මුදල් පරිස්සමින් පාවිච්චි කිරිමට මග කියන පිරිසක් නොවන්නේමය.
මිගමුවේ බදු ගෙවන ජනයාගේ දැනගැනිම පිණිස මතු කළ යුතුව ඇති ඊළග වැදගත් කරුණ වන්නේ මේසා විශාල මුදලක් කාබාසිනියා කරද්දි එජාප නියෝජනය කළ මුදල් කාරක සභාවේ නියෝජිතයන්  කළේ කුමක්ද යන්නයි.
මේ බරපතල මුදල් නාස්තිය පිළිබදව තිරාණාත්මක මැදිහත්විමක් මුදල් කාරක සභාව තුල මෙන්ම මහ සභාව තුලද සිදුකළ යුතුව තිබුණද එවැනි මැදිහත්විමක් ගැන අපට නම් දැනගන්නට තිබුණේ නැත.
ඇති තතු එසේ නම් මිගමුවේ විපක්ෂය මේ මුදල් නාස්තිය ගැන මිගමුවේ බදු ගෙවන ජනයාට කියා සිටින්නේ කුමක්ද ?
(ඡායාරූප- නගරාධිපති දායන් ලංසාගේ මුහුණු පොතෙනි )