මව්ලවිතුමන්ලාගේ මුලිකත්වයෙන් කටුවාපිටිය පල්ලියටත් , මහ පන්සලටත් වියළි සහනාධාර !

0
187

IMG-20200327-WA0033IMG-20200327-WA0030IMG-20200327-WA0029මීගමුව කේන්ද්‍රකොට ගනිමින් පවතින යථාර්ථය තුල ජනයා අතර ,ආගම් අතර හොද හිත වර්ධනය කරගැනිමට  ඉඩ සලසාලන මැදිහත්විම්, වැඩසටහන් රැසක් මේ දිනවල ක්‍රියාත්මක වෙමින් තිබේ.
එය සැබැවින්ම දේදුණු නගරයක අසිරිය  විදහා පාන්නකි.
වියළි සහනාධාර මලු රැගත් මුස්ලිම් මව්ලවි තුමන්ලා පිරිසක් ඊයේ දිනයේ  කටුවාපිටිය දේවස්ථතානයට ගොඩවැදි තිබුණි.
ඒ කටුවාපිටිය මීසමේ කිතුණු පවුල් වෙත දේවස්ථානය මගින් මේ වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දිම සදහාය.
මේ මව්ලවිතුමන්ලා හා එක්ව සිටි මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතාගේ හෘදයාංගම ආශිර්වාදය මෙන්ම දායකත්වය මේ වැඩසටහන තුලදිද ඉතා ඉහලින් කැපි පෙණුනි.IMG-20200327-WA0056IMG-20200327-WA0053IMG-20200327-WA0054
ඉන් අනතුරුව මව්ලවිතුමන්ලා අද (27) දිනයේ ගොස් තිබුනේ අඟුරුකාරමුල්ල මහපන්සල වෙතය.
ඒ එහි වැඩවසන ස්වාමින් වහන්සේලා වෙතද මේ සත්කාරය පුදකරනු පිණිසය.
සියලු ආගම් සියලු ජාතින් එක්ව ජිවත්වන දේදුණු නගරයක අසිරිය අද තවත් අයුරකින් විදහා දැක්වුනේ මිගමුව තුල කල්පතින සාමයක් සහෝරත්වයක් පිළිබද ගැඹුරුතම පණිඩිඩයක්ද සමාජ ගත කරමිනි.
පවතින විපත්තිදදායක සමයකදි බෙදා ගැනෙන සහෝදරත්වය යනු සැබැවින්ම ශක්තිමත්ම එකකි.
මෙසේ බෙදාගැනුණු වියළි ආහාර ද්‍රව්‍ය සමගින් එකිනෙකා අතර බෙදා ගැනුනේ ඒ හොද හිතයි.මිගමුවේ කල්පවතින සාමයක පදනමද එයයි.
මේ අගනා කටයුත්ත සංවිධානය කර තිබුනේ මජුමුල් උලමා මව්ලවිතුමන්ලාගේ සංගමය විසිනි..
මේ වියළි අහාර ද්‍රව්‍ය මලු සැකසිමේ පෙරියමුල්ල මුස්ලිම් මහපල්ලිය තුලදි සිදුකර තිබුණ අතර ඒ සදහා තරුණයන්ගේද නොමද සහයක් එයට ලැබි තිබුණි.
මේ සදහා වු බරපැන පියවාගැනිම සදහා විවිධ මට්ටම්වල පරිත්‍යාගශිලීන් එක්වුණි.ඒ සැමදෙනා තම තමන්ට හැකි පමණින් මේ අනර්ඝ කටයුත්තට සම්මාම් වූහ.
සුජයිල් මුනියර්