spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මොණිකා සුවඳ කුඩු සමග ස්ටීම් ඇපල් පුඩිමක් හදමු

Must read

Apple pudding
Apple pudding

අවශ්‍ය ද්‍රව්‍ය

කොල පාට ඇපල් ගෙඩි 3යි /සිනි ග්රෑම් 200 යි /බිත්තර 3යි / බේකින් පවුඩර් තේ හැදි 3යි / පාන් පිටි ග්රූම් 200යි / වියල මිදි ග්රෑම් 200යි / මොණිකා සුවද කුඩු තේ හැදි භාගයයි / බටර් ග්රෑම් 125යි / ගෝල්ඩන් සිරප් මේස හැදි 2කයි / කිරි කෝප්ප 1/4 / වැනිලා තේ හැදි 2 කයි /

සාදන ක්‍රමය
පුඩිං භාජනයකට හෝ තැටියකට  බටර් තවරා ගෝල්ඩන් සිරප් පතුලට දමන්න. ඇපල් පෙති කපා පසෙකින් තබන්න. සිනි,බටර්,වැනිලා ක්‍රීම් වනතුරු ගසා බිත්තර එක බැගින් දමා බීට් කරගන්න. හලාගත් පිටි වලට බේකින් පවුඩර් මිශ්‍රකර කිරි  මදින් මද එක්කරගන්න. ඉන්පසු ගෝල්ඩන් සිරප් තැවරූ තැටිය මත ඇපල් පෙති කීපයක් අතුරාගන්න. ඒ මත රේසින් සහ සුවද කුඩු ස්වල්පයක් ඉස ගන්න. ගසා ගත් පිටි මිශ්‍රණයෙන් කොටසක් ඒ මතට අතුරන්න. නැවත එම පිළිවෙලට කරන්න.ඉහලට පිටි බැටර් එකෙන් පුරවන්න. ඉන්පසු ෆොයිල් කොලයකින් වසා විනාඩි 30-45 අතර කාලයක්  හුමාලයෙන් තම්බා ගන්න. තැම්බූ පසු නොපිට හරවා කස්ටඩ් සමග රසවිඳින්න.

Apple-pudding

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article