මත්පැන් අලෙවියේ දී 70%ක කොරෝනා බද්දක්

0
147
2020 05 04 94415 1588604102. large

( 8.00 am ) මත්පැන් සිල්ලරට අලෙවි කිරීමේදී සීයයට 70ක විශේෂ බද්දක් අය කිරිමට නව දිල්ලි බලධාරින් තීරණය කර තිබේ.

“විශේෂ කොරෝනා ගාස්තුවක්” ලෙස මෙම විශේෂ බද්ද නම් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

අද (05) සිට එම විශේෂ බද්ද අය කිරිම සිදුකරනු ලබයි.

සති 05කට පසුව ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයේ මත්පැන් අලෙවිසැල් ඊයේ විවෘත කිරීමත් සමග සමාජ දුරස්ථභාවය ගැන තැකීමක් නොකොට බොහෝ පිරිස් මත්පැන් මිලට ගැනීමට ක්‍රියා කිරීම හේතුවෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් පැන නැගුනු බව සදහන්.

දිල්ලි ප්‍රාන්තයේ මහ ඇමති අරවින්ද් කේජිරිවාල් ප්‍රකාශ කර සිටියේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය මැඩලීම සඳහා ගනු ලැබූ ක්‍රියා මාර්ග උල්ලංඝණය කරමින් කටයුතු රැසක් ඊයේ දිනයේදී වාර්තා වූ බවයි.

මේ වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිත රෝගීන් 46,433ක් සිටින අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 1,568ක්. එම මරණ වලින් 195ක් ඉකුත් පැය 24 තුලදී වාර්තා වූ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
dinamina.lk

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here