spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ATM යන්ත්‍රයෙන් ලැබෙන විකෘති මුදල් නොට්ටු වහාම කැමරාවට පෙන්වා මාරු කරගන්න.

Must read

ජනතාව සතුව ඇති  විකෘති කරන ලද මුදල් නෝට්ටු වාණිජ බැංකු වෙත බාරදී ඒ වෙනුවට පිරිසිදු මුදල් නෝට්ටු ලබා ගැනීම සඳහා ලබාදී තිබූ කාලය මාර්තු 31 දිනෙන් පසු අවසන් වනවා. මෙවර  කුමන හේතුවක් නිසාවත් එම දිනය දීර්ඝ නොකරන බව ශ්‍රී ලංකා මහබැංකුව මේ වන විට පවසා තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකරී, දීපා සෙනෙවිරත්න මහත්මිය ඉල්ලා සිටිනනේ එසේ විකෘති කරන ලද මුදල් නෝට්ටුවක් මාර්තු 31 වැනිදායින් පසු ගනුදෙනු කරුවකු සතුව තිබුණහොත් එහි පාඩුව විද දරා ගැනීමට සිදුවන්නේ එම ගනුදෙනුකරුටම බැවින් මාර්තු 31 දාට පෙර තමන් සතුව එවැනි නෝට්ටු තිබේනම්, වාණිජ බැංකුවලට ලබාදී පිරිසිදු නෝට්ටු ලබා ගන්නා ලෙසයි.එලෙසම නෝට්ටුවේ අනුක්‍රමික අංකය, අත්සන, නිකුත් කළ දිනය, දිය සළකුණ යන මුදල් නෝට්ටුවක තිබිය යුතු ලක්ෂණවලට හානි පැමිණ තිබේනම් එය භාවිතයෙන් ඉවත් කළ යුතු බවද සෙනෙවිරත්න මහත්මිය  සඳහන් කර ඇත.

1949 අංක 58 දරණ මුදල් පනතේ 85 ( ඊ) රෙගුලාසිය අනුව මහ බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් නෝට්ටුවක් කිසිවකු විසින් විකෘති කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි.
ගංවතුර , ගිනි ගැනීම් වැනි ස්වාභාවික ආපදා හෝ දෛනික භාවිතයේ දී හානි සිදුවන මුදල් නෝට්ටු එලෙස මාරු කර ගැනීමට නිශ්චිත දිනයක් නොමැති ඒවා ඕනෑම දිනයක ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කිරිමෙන් මාරු කර ගත හැකිය.මාර්තු 31 වනදා අවසන් වන්නේ හිතා මතා විකෘතිකල මුදල් නෝට්ටු වලට අදාල වටිනාකම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබාදෙන අවසන් දිනයයි.

තවද ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමේදී විකෘති කළ නෝට්ටුවක් ගනුදෙනුකරුවෙකුට ලැබුණහොත් එහි වගකීම පැවරෙන්නේ අදාළ බැංකුවට වන අතර මුදල් ලබා ගැනීමේදී එවැනි නෝට්ටුවක් හසු වුවහොත් කළ යුත්තේ විකෘති කර ඇති හෝ හානියට පත් වී ඇති එම මුදල් නෝට්ටුව ATM යන්ත්‍රයේ සවි කර ඇති කැමරාව වෙත දර්ශනය කර අදාළ බැංකුව වෙත ගෙන ගොස්  ඒ වෙනුවට පිරිසිදු නෝට්ටුවක් ලබා ගැනීම බවද සෙනෙවිරත්න මහත්මිය වැඩිදුරටත් පවසා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article