spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීටරය අනිවාර්ය කර ගැසට් කළ පසු මීගමුවේ ත්‍රීවීල් වලට වෙනම නීතියක් ඇයි ?

Must read

tveelලංකාවේ ප්‍රධාන මගී ප්‍රවාහන මාධ්‍යක් වන ත්‍රීවීල් රථ සදහා යම් නීතී මාලාවක් සහිත ගැසට් පත්‍රයක් රජය විසින් නිකතු කරන ලදී. ඒ අතර ප්‍රධාන නීතියක් වන්නේ මගීන් ගෙන යන ත්‍රීවීල් රථ වලට මීටරක් සවි කිරීමත් එයින් ටිකට් පත්‍රයක් මගියා වෙත ලබාදීමයි. මෙම  යෝජනාව රජය ගෙන  ආ අලුතම ත්‍රීවීල් රථ සදහා 2017 වසරේදී මීටර් ලබාගැනීමට පහසුකම් සැපයූ අතර ගෙවීමේ ක්‍රමයටද මෙම මීටර් ලබා දෙන ලදී. මේ වනවිට මීගමුව නගරය තුළ ක්‍රියාත්මක වන ත්‍රීරෝද රථ කරුවන් මීටර් සවිකර ඇති අතර එය ක්‍රියාත්මක වන්නේ ඔවුන් විසින් සාදාගත් නීතියකට අනුවය. එනම් මීගමුව නගරය ඇතුළත ගමන් කරන මගීන්ට මෙම මීටරය වැඩ කරන්නේ නැත. ඒ පිළිබද විමසූ විට ඔවුන් පවසන්නේ  මේ ගානට යන්ඩ කැමති නම් නගින්ඩ නැත්නම් යන්ඩ කියායි. මේයට හේතුව විමසූ විට ඔවුන් පවසන්නේ ලඟ   දුවද්දී මීටරය දැම්මාම පාඩුයි යනුවෙනි. මේ ආකාරයට මගීන්ට තමන්ගේ නීතියෙන් පිළිතුරු දෙන ත්‍රීවීල් රියදුරන් රු 100ක්  වැටෙන තැනට රු 150ක් අයකර ගනියි.
පිට පළාත් වලට යන විට පමණක් මීටරය විවෘත කරයි. මේ අනුව මීටරය ක්‍රියාත්මකවන්නේ ත්‍රීවීල් රියදුරාගේ වාසියට පමණක් වන අතර මගියාගේ  ලාභය වෙනුවෙන් මීටරය ක්‍රියාත්මක නොවෙයි. මෙතනදී මගීන් විශාල වශයෙන් අසාධාරණයකට හා සූරාකෑමකට ලක්වේ.
මෙම ක්‍රියාව නිසා මගීන්ට සිදුවී ඇත්තේ ත්‍රීවීල් රියදුරන්ගේ ගසා කෑමටත් ඔවුන්ගේ බලහත්කාරකමටත් යට වීමටය. ගැසට් කර ඇති මෙම ත්‍රීවීල් සදහා වූ නීති මාලාව ක්‍රීයාත්මක කරවීමේ බලය ඇති ආයතනයක් අවශ්‍යය.ත්‍රීවිල් රථ සදහා නීති මාලාවක් පනවා ඇත්තේ මගීන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සදහා වන අතර  ත්‍රීවීල් රියදුරන් මෙම නීතියට යටත් නොවන බව  ප්‍රදර්ශනය වන අතර  මෙම තත්ත්වය නිරීක්ෂණය කිරීමට වැඩපිළිවෙලක් අවශ්‍යයය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article