එංගලන්තයේ බර්මින්ග්හැම් නුවර ජේතව විහාරස්ථානය මගින් 2025 වසර සඳහා වූ පොසොන් පොහෝ දිනය නිමිති කරගෙන පවත්වන්නට යෙදුන සීල සමාදාන වැඩ සටහන භක්ති ගීත ගායනා වැඩසටහන Dudley Lions සමාජය විසින් දෙවෙනි වරට සංවිධානය කරන ලදී, එම පොසොන් උත්සවයේදී රෝස්පාන් දන්සල මෙවරත් ඉතා උසස් අන්දමින් එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක ලිවර්පූල් ශ්‍රී සම්බුද්ධ විහාරය සහ බර්මින්ග්හැම් ජේතවන විහාරය යන විහාරද්වයාධිපති අති ගෞරවනීය කැප්පෙටියාගොඩ ගුණවංශ නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පවත්වන්නට යෙදුණි.
සැදැහැවත් ජනතාව විශාල පිරිසක් දාන ශීල භාවනා කටයුතු වලට මුල් තැන දෙමින් මෙම අවස්ථාවට එක්වුහ වයස් භේදයකින් තොරව බොහෝ සැදැහැවතුන් සහ දායක සභාවේ අය මෙම අසිරිමත් උත්සවය සාර්ථක කර ගැනීම සඳහා ප්‍රතිපත්ති පූජාවට මුල්තැනන දෙමින් කටයුතු කළ බව විහාරාධිපති ස්වාමීන් වහන්සේ පවසා සිටියහ.
රේමන්ඩ් අපෝන්සු