spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

Negombo today විඩියෝවෙන් පොහොට්ටුවේ ගම්පහ මැතිවරණ සටන හාන්සියි ! ලංසා අනාථයි !

Must read

නිගම්බු ටුඩේනිමල් ලංසා ඇතුළු මිගමුවේ දේශපාලන අධිකාරිය මැතිවරණයට වාසි ගැනිමට කඩොල් කපා හෝ සෙල්ලම් පිට්ටනි හදන්නට ඉඩ දිම සදහා ධිවර රාජ්‍ය ඇමති  සනත් නිශාන්තව මිගමුවට කැදවා තිබුණි.
දැන් එය වදින්න ගිය දේවාලය ඉහේ කඩා වැටුනා වැනි වැඩක් සිදුවි හමාරය.
පුත්තලම් දිස්ත්‍රික්කයේ නිතිවිරෝධි  වැඩ ගණනාවක් හේතුවෙන් බරපතල විවේචන වලට ලක්ව ඇති රාජ්‍ය ඇමති සනත් නිශාන්ත දැන් නිමල් ලංසාගේ ඉල්ලිමට මිගමුවට පැමිණ තවත් අසරණ වි තිබේ.
රාජ්‍ය ඇමති සනත් නිශාන්ත උගත් බුද්ධිමත් නිර්භිත රාජ්‍ය නිළධාරිණියක් හමුවේ යටත්විමත්  , රාජ්‍ය ඇමති නිමල් ලංසා  සැබෑ පරිසරියට ආදරය ඇති අයෙකු නොව වොයිස් කට් පරිසරවාදියෙක් බවත් කඩොල් විනාශ කළ මිගමුවේ ප්‍රධානම දේශපාලකයා ලෙසින් රටට හෙලිදරව් විමත් දැන් සිදුව හමාරය.
මෙය ගම්පහ දිස්ත්‍රික් පොහොට්ටු මැතිවරණ ව්‍යාපාරය මෙන්ම ඇමති නිමල් ලංසා කෙසේ හෝ කොටයකින් වත් පාර්ලිමේන්තුවට නැවත පාර්ලිමේන්තුවට යෑමේ සිහිනයටත් හරස් වි ඇත.
මේ සිදුවිම Negombo Today නමින් වු  යුටියුබ් චැනලයක් විසින් සකස් කර තිබුනි.
තමන්ව පිම්බවිමට තෝරාගත් මාධ්‍ය හරහා සිදුකරමින් ඇති සියළු ප්‍රචාරත්මක වැඩ දැන් නිමල් ලංසා වෙතම බැක් ෆයර් වි ඇත.යහපාලනයට බැනිම සදහා මාළු වෙළද සංකිර්ණය ගැන නිර්මාණය කළ විඩියෝව හරහාද සිදුව තිබුනේ ඇමති නිමල් ලංසා තවත් අපහසුතාවකට පත්විමය.මන්ද නිමල් ලංසා යනු යහපාලනය තුල වසර තුනාමාරක්ම ඇමතිධුරයක් හෙබවු අයෙකු වු නිසාය.
කෙසේ වෙතත් මේ සියල්ල හරහා දැන් ගම්පහ පොහොට්ටුව මෙන්ම නිමල් ලංසාද හාන්සිය.
එපමණක් නොව බරපතල අවුලකට පත්ව ඇත්තේ ධිවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමති  සනත් නිශාන්තය.කෙසේ වෙතත් මේ දිනවල ඇමති නිමල්  ලංසා විසින් සිය මැතිවරණ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරිම අරමුණු කරගත් සමාජ මාධ්‍ය කටයුතු සියල්ලම ඔහුටම දැන් හරහට සිට ඇත.බැක්ෆර් වෙමින් ඇති ඇමති ලංසාගේ මැතිවරණ ප්‍රචාරණය ඔහුව තව තවත් අසරණ කරමින් තිබේ.පසුගියදා සමාජ මාධ්‍ය වෙත මුදා හැරුණු යහපාලනය දොස් තැබු මිගමුව මාළු වෙළද සංකිර්ණය පිළිබද විඩියෝව හරහා සිදුව තිබුනේද එය ඇමතිවරයාටම බැක්ෆයර් විමය.මන්ද නිමල් ලංසාද වසර තුනාමාරක්ම යහපාලන ඇමතිවරයෙක්ව සිටිමය.
මේ අතර දේශපාලන කවයන් තුල රාජ්‍ය ඇමති නිමල් ලංසා හා රාජ්‍ය ඇමති සනත් නිශාන්ත අතර පවතින විරසකයක් ගැන කථාබහක්ද නිර්මාණය වෙමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article