spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇමති සනත් මිගමුවේ ධිවරයන්ටත් අපහාස කරයි ? ඔහු නැත්නම් වනජිවි නිළධාරිණිය ගුටිකන බව කියයි ?

Must read

සනත් නිශාන්තරටතුල පුලුල් සංවාදයක් බවට මතුව ඇති මිගමුවේ කඩොලාන විනාශය පිලිබද ප්‍රශ්ණයට අදාලව වනජිවි නිළධාරිණි දේවානි ජයතිලක විසින් කර ඇති මැදිහත්විම ගැන සම්පුර්ණ අසත්‍යයක් සමාජ ගතකරමින් සුපුරුදු දේශපාලකයාගේ චරිතයට පණ පොවමින් ධිවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත
ඊයේ පවත්වන්නට යෙදුන පුවත් සාකච්ජාවේදි ඔහු මිගමුවේ ධිවරයන්ටත්  අපහස කර තිබේ.
ඒ අනුව ඔහු කියන්නේ තව පොඩ්ඩෙන් වනජිවි නිළධාරිණියත් තමන් නොසිටියේ නම් ගුටි කණ බවය. ධිවරයන් ඔහුටද මන්නකින් කොටන්නට බැරි නැතැයි කියාය.
රටේ ධිවර රාජ්‍ය ඇමතිවරයා ලෙස මිගමුවේ ධිවරයන් ම්ලේච්චයන් යැයි රටට කියන්නට යෙදුන මේ ප්‍රකාශය බරපතලය.

දෙරණටත් වොයිස් කට් දෙමින් මිගමුවේ ධීවරයන් පාච්චල් කරයි
දෙරණටත් වොයිස් කට් දෙමින් මිගමුවේ ධීවරයන් පාච්චල් කරයි.

මන්ද මිගමුවේ බහුතරයක් ධිවරයන් එසේ නොවන බැවිනි. අනික හික්මිමක් නැතිව එහි හැසිරුණ පිරිස සැබැවින්ම ධිවරයන් නොවන බවය. ඒ බහුතරයක් දෙනා රාජ්‍ය ඇමති නිමල් ලංසාගේ ආරාධනයෙන් පැමිණි සිටි ඔහුගේ අයවලුන් බවය.
ඔක්ෂිජන් කථාව ඔස්සේ එක් රැයකින් රටේම විරෝධයට පත්ව ඇති කෙනා පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ශ්‍රිලනිපයෙන් ඡන්දය ඉල්ලු අයෙකු වන අතර දැන් සිටින්නේ ඇමති නිමල් ලංසා සමගින්ය.
ධිවර රාජ්‍ය ඇමතිවරයා නොදන්නවාට මේ කියන දුපත ගුරුගේ වැනි ව්‍යාපාරිකයන් විසින් දේශපාලකයන්ගේද සහ ඇතිව ඩැහැගන්නට උත්සාහ කරද්දි එය පාරට බැසි දින ගණනාවක් අරගලය කරමින් රැකගත් එකකි.ඒ අයගේ තේමාව වි තිබුනේ කලපුව අපේ අම්මා යන්නයි.

මේ අරගලයේ නායකයෙකු වු ජෝශප් මහතා ඒ ගැන කියන්නේ මෙවන් අදහසකි.lagoon-fihermen-leader--1024x768

අපි  ඒකාලෙ  ඉඳලම  මේ  වෙනුවෙන්  සටන්  කළා.  පියතුමන්ලා  සම්බන්ධ  කරගෙන  කලපුව  අපේ  අම්මාය  යන  අදහස  සටන්  පාඨයකට  යොදාගෙන  වැඩ  කොටසක්  කළා.  මේවෙනකොටත්  ඒ  සටනෙම  තමයි  ඉන්නෙ.ඒවුනත්  උත්තරයක්  නෑ.  නමුත්  මේ  කලපුව  නැවත  හදන්න පුළුවන්.  වඩදිය,  බාදියට  මුහුදෙ  ඉඳල  එන  බීජ  පාසි  අතර  රැඳිල  ඒ  මගින්  තවමත්  මාළු  බෝවෙනව.  ඒකියන්නෙ  කලපුව  නැවත  හදන්න  පුළුවන්  කියන  එකයි.  ඒකට  සියළු  දෙනාම  එකතුවිය  යුතුයි.  
මේ පසුබිම තුල ප්‍රශ්ණයක් කථාකරන රාජ්‍ය නිළධාරිනියන්ට විශේෂයෙන්ම කඩොලාන විනාශයට එරෙහිව පෙනි සිටින නිළධාරින්ට ගහන්නට පණින සෑබෑ ධිවරයන් මිගමුවේ නැති බව ධිවර රාජ්‍ය ඇමතිවරයා තේරුම් ගත යුතුව තිබේ.
එසේ හික්මිමක් නැතිව හැසිරෙන්නේ දේශපාලකයන් හා සමිපව කටයුතු කරන ඔවුන්ගේ ආධාර කරුවන්ය.
මංකුලියේ සුරංග යනු රාජ්‍ය ඇමති නිමල් ලංසාගේ ආධාර කරුවෙකි. එසේ නැතිව මිගමුවේ ධිවරයා නියොජ්නය කරන ධිවර සංවිධානයක සමාජිකයෙකු නම් නොවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article