spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඒත්තුකාල මුහුදු වෙරළේ අමුතු ජාවාරමක් .෴

Must read

IMG-20200213-WA0009IMG-20200213-WA0007

මීගමුව , ඒත්තුකාල වෙරළ තීරය ඉතා සුන්දර ස්ථානයකි. ඒනිසා විදේශිකයින්ගේ ආකර්ශනය දිනාගැනීමට මෙම ස්ථානය සමත්වී ඇත .මෙම ස්ථානය ජනතා විරෝධී ක්‍රියාවන්ට නැඹුරු වීමක් ඇති බවට ලැබුනු තොරතුරු අනුව අප ඒගැන විමසීමක් කළෙමු .එය සත්‍යකි . අප එම ස්ථානයට යන අවස්ථාවේදීද අරක්කු පානය කරමින් සිටින පිරිසක් වෙරළ ආසන්නයේ සිටින ආකාරය දැක්කෙමු .තැන තැන හිස් බෝතල්ද දක්නට තිබින .
මෙම ස්ථානය ඕනෑම අයෙකුට නිදහසේ ගතකිරීමට හැකි ස්ථානයක් විය යුතුය . නමුත් මෙවැනි ස්ථාන තමන්ගේ බූදලයක් ලෙස සළකා කටයුතු කිරීමට කිසිවෙකුට නොහැක .නමුත් ඉන්දුෂාන් නම් පුද්ගලයා අනවසරයෙන් මෙම ස්ථානයේ අරක්කු සහ වෙනත් බීම වර්ග අලෙවි කරමින් සහ විදේශිකයින් ගෙන්වා ගෙන අනවසර ව්‍යාපාරයක් පවත්වාගෙන යති. විවිධ පිරිස් මෙම ස්ථානයේ තැනින් තැන විවිධ බීම වර්ග පානය කරන අතර හිස් බෝතල් ද විසිකර යති. අරක්කු , බියර් වර්ග හැර තවත් දෑ මෙම ස්ථානයේ අලෙවි කරන්නේ දැයි අපි නොදනිමු . ලංකාවේ මෙවැනි ස්ථාන වල සිදුවූ අපරාධ සහ නොයෙකුත් නොමනා ක්‍රියාවන් ගැන අප අසා ඇත. ඒ කෙසේ වෙතත් මේවා තුළින් යහපතක් සිදු නොවන බවනම් අපට පැහැදිළිය. මෙම ස්ථානයේ අනවසරයෙන් තනා ඇති එක් නිවසක් කඩා ඉවත්කිරීම සඳහා දැන්වීම් පළකර ඇති නමුත් තවමත් එය කඩා නැත.IMG-20200213-WA0011

මේවා මෙසේ තිබියදී බලධාරීන් නිහඬව සිටීම කණගාටුවට කරුණකි .
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව , වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව , ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය යන ආයතන මෙම තත්වය ගැන සොයා බලා පියවරක් ගතයුතුව ඇත . නමුත් ඒසඳහා ඔවුන් මැදිහත් නොවන්නේ දේශපාලකයින්ගේ තර්ජන , ගර්ජන නිසා බව මීගමුවේ පවතින තත්වය අනුව පැහැදිළිය. ඒ සඳහා ශක්තිමත් කොන්දක් තිබිය යුතුය .
මීගමුව නගරයේ අනවසරයෙන් කඩොලාන කපා පිට්ටනියක් සෑදීම පිළිබඳව පැවති රැස්වීමකදී එක් නිලධාරිණියක් මැදිහත්වූ ආකාරය සියළු රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරිය ගැන අවබෝධයක් ලබාදෙන ප්‍රබල අවස්ථාවක් විය.
වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දිසා වන නිලධාරීනිය වශයෙන් ඇය තම රාජකාරිය පිළිබඳව එදා පැමිණි සියළු දේශපාලකයින්ට සහ අනෙකුත් සියළු නිලධාරීන්ට මතක්කර දෙනලදී . අප එ් පිළිබඳව ඇයට ස්තුති පූර්වක වෙමු.
ඉහතකී අනවසර ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ නීත්‍යානුකූලව සහ විශාල වියදමක් දරමින් පවත්වාගෙන යන ප්‍රධාන හෝටල් අසලය. එය ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහා ප්‍රබල බාධාවකි. මෙම අනවසර ව්‍යාපාරය ක්‍රියාත්මක වන්නේ පැරඩයිස් හෝටලය අසල බැවින් සමහර විදේශිකයින් යටකී ස්ථානය එම හෝටලයේ කොටසක් යැයි සිතා එම ස්ථානයට යති. එක් හිතවත් විදේශිකයකු මේ පිලිබඳව ඔහුගේ අත්දැකීම ප්‍රකාශ කිරීමෙන් එය සත්‍ය බව අපට පැහැදිළි විය.IMG-20200213-WA0010
කෙසේ වෙතත් ජනාධිපති වරයාට මේ පිළිබඳව ප්‍රතිපත්තියක් ඇති බව පෙන්වාදී ඇත . මෙම අනවසර ස්ථාන පිළිබඳව අපක්ෂපාතීව පියවර ගන්නා බවට ජනතාව ඉදිරියේ පොරොන්දුවක්ද දී ඇත . ජනතාව එකී පොරොන්දුව පිළිබඳව යම් විශ්වාසයක් තබා සිටින බව අප දනිමු . ඒනිසා ජනපතිගේ ඊට අදාල ප්‍රතිපත්තිය නිසි ආකාරයෙන් ඉටුවේදැයි අප බලාපොරොත්තුවෙන් සිටිමු .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article