PSTA එකට විරුද්ධව මිගමුවේ විරෝධතා!

0
314

PSTA එකට විරුද්ධව අද හැන්දැවේ මිගමුවේ නගරයේ උද්ඝෝෂණයක් සංවිධානය කරල තිබුන.
හැමදාමත් වගේ යුක්තිය වෙනුවෙන් මිගමුවේදි පෙනි සිටින අයත් එකම අරමුණකදි කවදත් එක පෙළට හිටගන්න කොළඹ සහ අවට ක්‍රියාකාරින් පිරිසකුත් මේ විරෝධතාවයට එකතු වෙලා හිටියා.

එජාප ආණ්ඩුව මේ පණත මුලින්ම හදුන්වල දුන්න කාලේ මේක ගැන හරියටම කියල තිබුනේ උතුරේ දේශපාලන ක්‍රියාකාරින් .

IMG 20260124 WA0074IMG 20260124 WA0063IMG 20260124 WA0068IMG 20260124 WA0058

එයාලව ඉලක්ක කරගෙන එදා මේ පණත ජයවර්ධන ආණ්ඩුව ගෙනාවත් මේක අනිවාර්යෙන්ම දකුණටත් බලපානව කියල ඒ දේශපාලනය නිවරදිව කියවගත්තු උතුරේ සමාජ දේශපාලන එදා කිව්වා.
හැබැයි දකු⁣ණේ දේශපාලන බලවේග වලට බැරිවුනා ඒක නිවරදිව තේරුම් ගන්න.

දැන් රාජ්‍ය මර්ධනයට මුහුණ දුන්න ඒ මර්ධනීය අණපණත් වලට එරෙහි වෙච්ච දේශපාලන බලවේගයක් තමයි බලයේ ඉන්නේ.

IMG 20260124 WA0055 IMG 20260124 WA0060 IMG 20260124 WA0061 1 IMG 20260124 WA0064 1 IMG 20260124 WA0068 1 IMG 20260124 WA0069

හැබැයි ජයවර්ධනලගේ සිට රාජපක්ෂලා සහ වික්‍රමසිංහල දක්වා ආපු ඒ මර්ධණිය අණපතන් දැන් ඒ ට්‍රැක් එකේම මේ අයත් අරගෙන යනවා.

ඒ හින්දම තමයි උතුර දකුණ සාමුහිකත්වය තුල සක්‍රිය පුරවැසි ක්‍රියාකාරිත්වයක අවශ්‍යතාවය මතුවෙලා තියෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here