spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

PTA යටතේ රුකී සහ ප්‍රවීන් පියතුමා රදවා ගැනේ ..

Must read

මානව හිමිකම් ක‍්‍රියාධරයින් දෙදෙනෙකු වන ගරු ප‍්‍රවින් පියතුමා සහ රුකී ප‍්‍රනාන්දු කොළඹ රැුඳවුම් භාරයේ  නැතැයි ඔවුන් ගැන විමසීමට ගිය නීතිඥ පියතුමාට පවසයි.

ඊයේ, මාර්තු 16දා, රාත්‍රියේදි  කිළිනොච්චියේ සිටියදි  ප්‍රශ්න කිරීමට ගෙන, අනතුරුව කොළඹට ගෙනෙනු ලැබූ මානව හිමිකම් පිළිබඳ  ක්‍රියාකාරීන් දෙපළක් වන කොළඹ ඉන්ෆෝර්ම් ආයතනයේ මානව හිමිකම් උපදේශකයෙකු වන රුකී ප්‍රනාන්දු සහ යාපනයේ සාමය හා සංහිදියාව සඳහා වු මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක, නිර්මල මරිය නිකායේ ගරු ප්‍රවීන් පියතුමා පිළිබඳව අපරාධ විමර්ශන ඒකකයේ මුලස්ථානයට ගොස් අද උදැසන 10යට පමණ තොරතුරු විමසීමේ දී එවන් නම් ඇති දෙදෙනෙකු කොළඹ රඳවාගෙන නැති බවත් එවැනි රඳවා ගැනිමක් සම්බන්ධයෙන්  කොළඹට වාර්තාවී නැති බවත් අංක 60279 දරණ වලිසුන්දර නැමති නිළධාරියා විසින් තමන්ට ප්‍රකාශ කළේ යැයි මරදාන සී එස් ආර් ආයතනයේ  අධ්‍යක්‍ෂක, නිතීඥ ගරු අශෝක් ස්ටීවන් පියතුමා පවසා තිබුණි.
එහෙත් පසුව වාර්ථා වු තොරතුරු වලට අනුව කියැවුනේ පැය 72 ක රැදැවුම් නියෝග මත ප්‍රශ්ණ කිරිම සදහා කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයේ රදවා තබාගෙන ඇති බවය.
එමෙන්ම ප්‍රශ්ණ කිරිම සදහා රුකි ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඇති බව ඔහුගේ මවටද දැනුම් දි ඇතැයි වාර්ථා වේ.ruki

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article