spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

S F අයිතිකරු අවධානම් හරස් මාර්ගයට ආරක්ෂක ගේට්ටුවක් සවිකරයි

Must read

DSC_1177new DSC_1180new DSC_1181new (5.42pm)මීගමුව  අගරදගුරු   මාවතේ දී   (අළුත්පාරේ)   පසුගිය  28  දා  දුම්රියෙහි ලොරියක්  ගැටී   අනතුරක්  සිදුවිය.   එය  සිදුවූයේ  S F  ICE  PRIVATE LIMITED  නම්වූ  අයිස්  කර්මාන්තශාලාවේ   සිට  අයිස්  පටවාගත්   ලොරියක්  රේල්පාර  හරහා  ගමන්කිරීමට  යාම  නිසාය.  අපි  මේ  පිළිබදව  මරුකැදවන හරස්  මාර්ගයක්  යනුවෙන්   ලිපියක්   පළකලෙමු.  එහි  ගේට්ටුවක්  නොතිබුනු නිසාත්,   ඉදිරිපිට  ලී  ගොඩක්  ගොඩගසා  තිබුනු   නිසාත්   මීට  පෙර මෙම  ස්ථානයේ   මෙවැනි  අනතුරක්  සිදුව  තිබුනු  නිසාත්  මෙය  මෙම කර්මාන්ත ශාලාවේ   නොසැලකිල්ල  මත  සිදුවූ  දෙයක්   ලෙස  සදහන්  කළෙමු. මේ  පිළිබදව   දුම්රිය  දෙපාර්ථමේන්තුවේ   ස්ථිර  මාර්ග  පරීක්ෂක කාර්්‍යාලයේ   නිලධාරි මහත්මයෙක්ද   මේ  පිළිබද    අදහස්  දැක්වීය.

කෙසේ  නමුත්  අද  (8දා)  අප  මෙම  ස්ථානයට  ගොස්  විමසා  බලන  අවස්ථාවේ මෙම  කර්මාන්ත  ආයතනයේ  අයිතිකරු  හමුවීමට  හැකි  විය.  මේ වනවිට  එහි ගොඩගසා  තිබුනු   ලී  ගොඩ  ඉවත්කර  තිබින.  එමෙන්ම  අපි  යනවිට  එම
ස්ථානයේ  තිබුනු   ගේට්ටුව  නැවත   සේවකයින්  යොදා  සවි  කරනු  පෙනින. ඔහු  සමග  කළ  කතාබහේදී  පැහැදිළිවූයේ  මීට  පෙර  5  වතාවක්  පමණ මෙවැනි  ගේට්ටු   දැමුවද   වාහන  හැරවීමේදී   මෙම  ගේට්ටු  කැඩී  යාම
නිසා  ගේට්ටු  දැමීම  අත්හැර  දැමූ  බවයි.   එසේම   ගේට්ටුව   අසල මුරකරුවකුද   රදවා   තිබුණි.  අප  ඔහුගෙන්  ඉල්ලා  සිටියේ  මෙම  ආරක්ෂිත වැඩපිළිවෙල  දිගටම   පවත්වාගෙන යන   ලෙසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article