spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

UNP හලාවත සම සංවිධායකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ! නිරෝෂන් ඔබට සතුටුයිද දැන් ?

Must read

hilary .jpgහලාවත ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සම සංවිධායක ලෙස කටයුතු කළ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු ඊයේ (15) වැනිදා සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත.

ඒ හිටපු නියෝජ්‍ය අමාත්‍ය හලාවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක නියෝමාල් පෙරේරා මහතාගේ නිවසේ දීය. හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා සමග එක්සත් ජාතික පක්ෂයේ ග්‍රාමීය නායකයින් 40 දෙනෙකුට වැඩි පිරිසක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඇතැයි වාර්ථාවේ.

හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරමින් මනාප ඡන්ද 26,000 කට වැඩි ප්‍රමාණයක් ලබා ගෙන තිබුන අතර  මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හලාවත නගර සභාවට තරග කරමින් අවස්ථා දෙකකදීම හලාවත නගර සභාවේ නගරාධිපතිධූරය දරා තිබෙනවා. හලාවත නගර සභාවට තරග කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ නායකත්වය මෙන්ම නගරාධිපති අපේක්ෂක ධූරය ද හිටපු නියෝජ්‍ය ඇමති නියෝමාල් පෙරේරා විසින් හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු වෙත ලබා දී තිබෙනවා.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි නිරෝෂන් පෙරේරා හට චිත්‍රාල් ප්‍රනාන්දුගෙන් එල්ලවෙන ප්‍රබල අභියෝගය මහහැර ගැනිම සදහා චිත්‍රාල්ට හිමිවිමට නියමිත තිබු පාර්ලිමේන්තු අපේක්ෂකධුරය පක්ෂයේ ඉහල නායකත්වය හා එක්ව කපා දමා ඒ තැන හිලරි ප්‍රසන්නට ලබාදි තිබුණි.

වයඹ පළාත් සභා මන්ත්‍රි චිත්‍රාල් ප්‍රනාන්දු පමණක් ධීවර උද්ඝෝෂණය අවසන් වන තෙක් ජනතාව සමගින් සිටි අයුරු...
වයඹ පළාත් සභා මන්ත්‍රි චිත්‍රාල් ප්‍රනාන්දු පමණක් ධීවර උද්ඝෝෂණය අවසන් වන තෙක් ජනතාව සමගින් සිටි අයුරු…

පක්ෂයේ සියළුම ඉහල නායකයන්ගේද එකගතාවය මත පසුදිනයේ අපේක්ෂකධුරය සදහා තරගවැදිමට අත්සන් කිරිමට නියමිතව තිබියදි නිරෝෂන් පෙරේරා විසින් හිලරි ප්‍රසන්නට එජාපයට ගෙන අපේක්ෂකධුරය ලබාදි තිබුණි.
මේ කුමන්ත්‍රණය එදා නිරෝෂන් පෙරේරා විසින් සිදුනොකළේ නම් අද චිත්‍රාල් යනු අනිවාර්යෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකි.
පෙස්ටස් පෙරේරා පවුල ඔවුන් අභියෝගයක් ඇති කිසියෙකුට හෝ ඒ කලාපය තුලදි අපෙක්ෂකත්වය ලබාදිමට කටයුතු කර තිබුණේ නැති බවට ඉතිහාසය ඕනැ තරම් සාක්ෂි සපයා ඇතැයි වෙන්නප්පුවේ එජාප ක්‍රියාකාරිහු පවසා සිටිති.

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article