spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

walk නැතත්,අතේ ඇති ගානට හිතේ හැටියට සතුටින් සැමරූ පාසැල් උත්සවයක් !

Must read

වැලිහේන 1වැලිහේන 2වැලිහේන ප්‍රදේශයේ දරුවන් 50 කටත් අඩුවෙන් සිටින පාසැලකි.මේ දරුවන් බහුතරයකගේ දෙමව්පියන්ද නැත. යුධ සමය තුල විවිධ පිඩාවන්ට පත් මේ දරුවන්ය.
ඉතින් මේ පාසැලේ දරුවන්ගේ ක්‍රිඩා උත්සයවය පසුගියදාක යෙදි තිබුණි.වැලිහේන 3වැලිහේන 4වැලිහේන 5වැලිහෙන් 6වැලිහේන 7
පාසැල අද මේ තත්වයට ගෙනඒමට විවිධ අභියෝග බාධක මැද  සිය සේවා කටයුතු නොපිරි හෙලා සිදුකරන ලද එම්.ඉසෙඩ් සහජාන් විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලයට අපේ නිබද ප්‍රසංසාව හිමිවිය යුත්තේ මේ පාසැලේ සිටින දරුවන්ගේ සිත් සතන් නොරිදවා අගේ ඇති අන්දටම අතේ ඇති ගානට හිතේ හැටියට තුටු විය හැකි අයුරින් අනගි නිවාසන්තර ක්‍රිඩා තරගයක් පැවැත්විම පිළිදවය.
වෙනත් පාසැල් මේ දිනවල රු ලක්ෂ ගණන් වැය කොට නිවාසාන්තර සංදර්ශන පවත්වද්දි මේ දරුවෝද තුටින් සිය උත්සවය සැමරුහ.වැලිහෙන් 7වැලිහේන 8වැලිහෙන් 9වැලිහේන 10
මේ පාසැලට කිලෝ 1කකටත් අඩු දුරින් පිහිටි සුපිරි පාසැලකට බස්රථයක් සහ තවත් දැ ගැනිමට යැයි කි දැවැන්ත පාගමනක් සංවිධානය කර තිබුණි.
ඒ මුදල් සෙවිම සදහාය.
ඒ පාසැලේ එක් දරුවෙකුගෙන් රු 17000 ක් අයකරගන්නා සැලැසුමක්ද විය.
සංගිතයක්ද පැවැත්විණි.
ඒ දරුවන්ට සංස්කෘතික ජිවිතය ගැන නිවරදි පාඩම් අදාර්ශ ලබාදිම සදහා නම් නොවේ.
කකුල්වලට වේග රිද්මය ලබාදිම සදහා පමණක් විය.
ඉතින් අතේ ඇති ගානට හිතේ හැටියට පැවැත්වු ඒ අහිංසක දරුවන්ගේ උත්සවය රුපියල් කෝටි ගණන් හොයන්නට පාගමන් යන උත්සයවයට වඩා පොඩි එකක් වන්නේ කෙසේද ? එසේ නැත.
එය අතිඋත්කර්ශවත්ය. දෙමව්පියන්ට දඩගසා දරුවන් පිඩාවට පත්කලේද නැත.
ඉතින් වැලිහේන දමිල විදුලහලට අපේ ආචාරය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article