ඉන්ධන මිළ අඩුවුනත් ධිවරයන්ට සහනයක් නෑ !

0
509

පසුගි (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිළ සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිළ රුපියල් 332කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 2කින් අඩු වී ඇති අතර, එහි නව මිළ රුපියල් 377කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිළ රුපියල් 10කින් අඩු කෙරෙන අතර එහි නව මිළ රුපියල් 307ක් වනු ඇත.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිළ රුපියල් 3කින් අඩු කෙරෙන අතර එහි නව මිළ රුපියල් 352කි.

.භූමිතෙල් මිල වෙනස් කර නැත.එය දැනට පවතින ලීටරයක මිල වන රුපියල් 202හිම පවතින බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කරයි.

මිගමුවේ ධිවරයන් පවසන්නේ ඉන්දන මිළ අඩුවිම පොදුවේ ගත් කළ සහනයක් වුවද තමන්ගේ රැකියාවට අවැසි බුමිතෙල් මිළ ගණන් පහල දැමිමට රජය අපොහොසත්විම ගැන දැඩි කළකිරිමක් ඇති බවය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here