මිගමු මහනගර සභාවේ ක්‍රිඩා  පිට්ටනි පාසැල් වලට  බෙදන්න යන නත්තල් පප්පලා කව්ද ?

0
175

 

මිගමු මහනගර සභාවේ දේපල පහුගිය දශක දෙකක පමණ කාලය තුල පවුලක් විසින් තමන්ගේ පුද්ගලික දේපල කියල හිතල එයාලගේ සහචරයන්ට බෙදුවා.

එයාල වැඩ කලේ පළාත් පාලන නීතියට අනුව නෙමේ.
එයාල හිතුවේ පවුලේ නීතිය තමයි පළාත් පාලන නීතිය කියල

දැන් තියෙන්නේ නීතියට උඩින් කව්රුත්ම නෑ කියල හැමදාම මතක් කරන ජනපති කෙනෙක්.

ඉතින් දෙයියනේ තවත් මොනවද

ලංසල බෙදපු මහජන දේපල ගන්න කඩිනම් වැඩපිළිවෙළක් හදනවා මිසක්.

හැබැයි වැඩේ කියන්නේ මිගමුවේ මාලිමා පාලනය නමි පට්ටම විදියට මන්දගාමියි

4g කොහොම වුනත් 2g තරම්වත් ස්පිඩ් එකක් නැ.

මිගමු මහනගර සභාවේ තියෙන ක්‍රිඩා පිට්ටනි තියෙන්න ඕන මිගමුවේ බදු ගෙවන ජනයාට පොදුවේ සමානව භුක්තිවිදින්න මිසක් ඡන්ද බලන් අල්ලස් ගන්න එක එකාට බෙදන්න නෙම්.

දැන් බලමු මේ කාමච්චෝඩේ ක්‍රිඩා පිට්ටනිය.ඒක ලංසල කිසිම විදිමක් ක්‍රියාපටිපාටියක් අනුගමනය නොකර ශා.මරියා පාසැලට අවුරුදු ගානකට දිල තිබුන.

දැන් ශා.මරිය ඉස්කෝලේ අය හිතන් ඉන්නේ ඒ පිට්ටනිය එයාලගේ කියල

ජොපමාලා අම්මා මේ විදියට නිව්ස්ටඩ් එක හිතුවොත් කොටුව පි⁣ට්ටනිය එයාලට කියල, කුරණ ඉස්කෝලෙ හිතුවොත් මේජර් එක එයාලට ඕන කියල මාර වැඩේනේ .

දැන් මාලිමාවේ නත්තල් පප්පල වගයක් මේ දවස්වල ගේමක් ගහන්න යන්නෙ මිගමු මහ නගර සභාව⁣ට අයිති කාමච්චෝඩේ පිට්ටනිය සෙන්ට් මේරිස් එකට කොහොම හරි අරන් දෙන්නලු.

ඉතින් ලංසලගෙයි මේ පප්පලගෙයි වෙනස මොකද්ද

දැන් තමයි වත්මන් නගරාධිපති චාමර ජෙන්ටල්මන්ට් pilitics වලට මාරු වෙන්න තියෙන්නෙ.

එයා මිගමුවේ පුරවැසියා .එයා වගකියන්නේ ඕන ගම්පහ පප්පලට නෙමේ මිගමුවේ පුරවැසියන්ට.

කාමච්චෝඩේ පිට්ටනිය හොදට හදල මිගමුවේ පුරවැසියන්ටයි අවට පාසැල් වලට භුක්ති විදින්න පුලුවන් විදියක් හදන්න චාමර පාලනයටත් බැරිවුනොත් එයත් ඉතිහාසයේ කුණු කූඩයට වැටෙන එක වලක්වන්න. බැ

පහුගිය දවසක වෛද්‍ය හෙන්රි රොසයිරෝව මල්මාල දාල ඉඹිල පිලිගන්න ඇත්තෙ නිකම්ම නෙමේ.

කතෝලික සභාවත් මරු.

දැන් කඩොල් කැලේ ඉඩම් බෙදන කොට එතන ඉඩමක් වෙන්කල තිබුනෙ කාර්මික විද්‍යාලයක් හදන්න.

පස්සේ මොකද වුනේ ජොශප් මයිකල්ට බෝලෙ බස්සල කතෝලික සභාව ඒක ශා.ජොශප් විද්‍යාලයේ ශාඛාවක් හදන්න ඉල්ල ගත්ත.

එකෙන් වුනේ මිගමුවේ ධිවර දරුන්ටත් ඉගෙන ගන්න ඉඩක් තිබුන කාර්මික විද්‍යාලයක් මිගමුවට අහිමි වුන එක.

දැන් සෙන්ට් ජොශප් එක⁣ට පුලුවන්ද ධිවර දරුවෙක්ට යන්න.

බෑ සල්ලිකාරයන්ට විතරයි පුලුවන්.

මේ සකලාකාර කප්පම් මාෆියාවන්ට එරෙහිව ප්‍රබල පුරවැසි ක්‍රියාකාරිත්වයක් හදන්නම වෙනව.

එම්.එස් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here