ජාතික ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීමේ සහ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන යටතේ මීගමුව දළුපත සමනල ක්‍රීඩාංගණය නවීකරණය කිරීමේ කටයුතු පසුගිය නොවැම්බර් 03 වන දින නිල වශයෙන් ආරම්භ විය. මේ සඳහා රුපියල් ලක්ෂ 647ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත.
ප්‍රදේශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම මහජනතාවට අවශ්‍ය උසස් පහසුකම් සැලසීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ.

ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ප්‍රධාන පහසුකම්:
– නවීන ඇවිදින මංතීරුවක් (Walking Path)
– ළමා උද්‍යානයක් (Children’s Park)
– අංගසම්පූර්ණ වැසිකිළි සහ ඇඳුම් මාරු කිරීමේ පහසුකම්
– ආරක්ෂිත හා පවුල් හිතකාමී ක්‍රීඩා පරිසරයක්
ව්‍යාපෘතියේ අරමුණු
ක්‍රීඩා පහසුකම් ප්‍රවර්ධනය කිරීමට අමතරව, දරුවන්ට, තරුණ තරුණියන්ට සහ පවුල්වලට සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම මෙහි අරමුණයි. විශේෂයෙන්ම ක්‍රීඩාව හරහා තරුණ පරපුර මත්ද්‍රව්‍ය ඇතුළු අහිතකර ක්‍රියාකාරකම්වලින් ඈත් කර, ග්‍රාමීය එකමුතුකම සහ සමාජීය සබඳතා ශක්තිමත් කිරීම මෙම වැඩපිළිවෙළේ තවත් ප්‍රධාන අපේක්ෂාවකි.
මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ වීමෙන් පසු දළුපත සමනල ක්‍රීඩාංගණය ප්‍රදේශයේ ප්‍රධානතම ක්‍රීඩා හා විනෝදාස්වාද මධ්‍යස්ථානය බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.



















